විනාශ වෙමින් යන උළුගල රජමහා විහාරය
( ලුණුගල ප්‍රසන්න පද්මසිරි ) 2017-12-11 09:01:37
Comments - 0       Views - 360

වළගම්බා රජු ඉදිකළ ඌව පරණගම උළුගල රජමහා විහාරය දිනෙන් දින විනාශවී යන බව ප්‍රදේශයේ බැතිමත්හු පවසති.
විහාරස්ථානයේ තිබෙන වසර සිය ගණනක් පැරණි ආවාස ගෙයෙහි වහලය, බිත්ති දිරාපත්ව කඩාවැටීමට ආසන්නව තිබෙන අතර, පෞරාණික කැටයම් යෙදූ දොර ජනෙල් විනාශයට පත්ව තිබෙන බවත්, ලෙන් විහාරයේ තිබෙන මහනුවර යුගයට අයත් චිත්‍ර, මූර්ති විනාශයට පත්ව ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

විහාරස්ථානය පෞරාණික නිසා ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසරය නොදෙන බව විහාරවාසී හිමියෝ පැවසූහ.
ප්‍රදේශයේ බැතිමතුන්ට තිබෙන මේ විහාරය දිනෙන් දින විනාශයට පත්ව යන නිසා රජයේ අනුග්‍රහය ලබාදෙන ලෙස බැතිමත්හු ඉල්ලා සිටිති.
මේ පිළිබඳව උළුගල රජමහා විහාරයේ විහාරවාසී අළුත් නුවර පඥාරතන හිමියෝ මෙසේ පැවසූහ.

'ප්‍රදේශයටම තියෙන උළුගල රජමහා විහාරය දිනෙන් දින පරිහානියට පත්වෙනවා. සංවර්ධන කටයුතුවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරස්වී තිබෙනවා. පෞරාණික ආවාස ගෙයෙහි සහ ලෙන් විහාරයේ තිබෙන චිත්‍ර, මූර්ති දිනෙන් දින විනාශයට පත්ව යනවා. රජයේ අවධානය පන්සලට යොමු වුනොත් විතරක් මෙය රැක ගැනීමට පුළුවන්.

01 _______ 02____ ______ 04 _______ ______ 20160901_094104

විනාශ වෙමින් යන උළුගල රජමහා විහාරය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :