X
දුම්රිය වර්ජනයට පිළියමක් ලෙස බස් සේවා
( රුවන් කාශ්‍යප ) 2017-12-07 17:40:45
Comments - 0       Views - 544

දුම්රිය වර්ජනය හේතුවෙන් පාසල් සිසුන්ට හා පොදු මහජනතාවට සිදුවන ගමනා ගමන අපහසුතාවය මගහැරවීම සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවත් අතිරික්ත බස් ගමන්වාර යෙදවීමටත් කටයුතු සූදානම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

එසේම වර්ජනයේ නිරත වෘත්තීය සමිති හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා අතර පැවැති සාකච්ඡාවේදී ලේකම්වරයා ඉල්ලා ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට හා පොදු මහජනතාවට සිදුවන අපහසුතාවයන් සලකා බලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරින ලෙසත් සාකච්ඡා තුළින් මෙම ගැටළුව නිරාකරණය කරගැනීමට මැදිහත්වන ලෙසත්ය.

 

දුම්රිය වර්ජනයට පිළියමක් ලෙස බස් සේවා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017