X
ශ්‍රී ලංකන් වෘත්තීය සමිති වෙතින් ප්‍රතිව්‍යුහගත කිරීමට සහයෝගය
( ෂමිල පෙරේරා ) 2017-12-07 14:59:41
Comments - 0       Views - 289

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අනුබද්ධ සියලුම වෘත්තීය සමිති රජය විසින් ආරම්භ කරනලද ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ මෙහෙවරට සහාය දීමට ගුවන් සේවයේ කළමනාකරණයට සිය සහයෝගීතාව පළ කිරීමට සාමූහිකව එකඟතාව පළකර ඇති බව ගුවන් සමාගම කියයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස්, ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්තේ ඇතුළු ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයේ (PPP) ජාතික සභාපති තිලාන් විජේසිංහ යන මහත්වරුන් පසුගිය 5දා හමු වූ අවස්ථාවේදී වෘත්තීය සමිති නියෝජිතයින් විසින් මෙය ප්‍රකාශයට පත්කර ඇති බව ගුවන් සමාගම නිවේදනය කරයි.

මෙම රැස්වීමේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෘත්තීය සමිති නියෝජනය කරමින් ගුවන් සේවා නියමු සංසදය, අභ්‍යන්තර ගුවන් සේවා සත්කාරක සේවා සංගමය (FAU), ගුවන් යානා ඉංජිනේරු ශිල්පීන්, කාර්මික ශිල්පීන්, විධායක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ඉංජිනේරුවන්ගේ සංසදයේ වෘත්තීය සමිති නියෝජනය කරමින් වෘත්තීය සමිති නියෝජිතයන් මෙම ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රයත්නයන් කෙරෙහි සිය පූර්ණ සහාය ප්‍රකාශ කර ඇති බවද ගුවන් සමාගම පවසයි.වෘත්තීය සමිතිවල හෝ දේශපාලනික අරමුණු නොසලකා සාමූහිකව එක්වී ජාතික ගුවන් සේවයේ අනාගතය සුරක්ෂිත කිරීම අතිශයින්ම වැදගත් බව මෙහිදී සියලුම දෙනා පිළිගෙන ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා ගුවන් සේවයේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳව සහ ඒ හේතුවෙන් ගුවන් සමාගම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන ආකාරය පිළිබඳව මෙහිදී අදහස් දක්වා තිබේ.

මෙම රාජ්‍ය ප්‍රතිව්‍යුහගතකරණ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ මුදල් අමාත්‍යාංශයේ (PPP) ඒකකය මගින් ගුවන් යානා කර්මාන්තයේ උපදේශකයන්ගේ සහාය ඇතිව බවද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නායකත්වය දෙනලද විශේෂ ඇමති කමිටුවක් රජය විසින් පිහිටුවා ඇත. මෙම කමිටුව, මුදල් හා ජනමාද්‍ය අමාත්‍ය මංගල සමරවීර, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සහ සංවර්ධන ක්‍රමෝපායන් සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ඇමලික් සමරවික්‍රම යන මහත්වරුන්ගෙන් සමන්විත වී තිබේ.

අමාත්‍යාංශ කමිටුවේ සහාය ඇතිව නිලධාරීන්ගේ කමිටුවක් මගින් මේ සඳහා සහයෝගය ලබාදෙන එහිදී භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතාගෙන් මෙය සමන්විත වේ. ඒ සඳහා රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාර ජාතික නියෝජිත ආයතනයේ (කැඳවුම්කරු) තිලාන් විජේසිංහ මහතා, මුදල් හා ජනමාද්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශෆය් අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් පෙරේරා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් සමන්විත වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ශ්‍රී ලංකන් වෘත්තීය සමිති වෙතින් ප්‍රතිව්‍යුහගත කිරීමට සහයෝගය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017