X
භාණ්ඩ තුනකට උපරිම මිලක්
( ඉන්දික හේවාවිතාරණ ) 2017-12-07 13:37:36
Comments - 0       Views - 515

පාලන මිලට වැඩියෙන් මයිසූර් පරිප්පු, කට්ටා කරවල, සාලයා කරවල හා පොල් අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

අංක 2048/30 ගැසට් නිවේදනයට අනුව මයිසූර් පරිප්පු කිලෝවක් රුපියල් 130කටද, කට්ටා කරවල කිලෝවක් රුපියල් 1000කටද, සාලයා කරවල කිලෝවක් රුපියල් 425කටද, පොල් ගෙඩියක් රුපියල් 75කටද අලෙවි කළ යුතු බවද එම අධිකාරිය පවසයි.

මෙම නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන වෙළෙඳුන් පිළිබඳ සොයා බැලීමට දිවයින පුරා ආවරණය වන පරිදි වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද එම අධිකාරිය පෙන්වා දෙයි.

ඊයේ (06දා) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නීතිය ක්‍රියාත්මක වේ.

LKR_Sri_Lanka_Rupee_Currency copy copy

භාණ්ඩ තුනකට උපරිම මිලක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017