X
දිලිල් දූෂණය යටතේ ක්‍රීඩා කිරීම විශාල ගැටලුවක් - IMA
( රුවන් කාශ්‍යප ) 2017-12-07 12:59:51
Comments - 0       Views - 1939

දිල්ලියේ අධික වායු දූෂණය යටතේ ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරගය ඉදරියට පවත්වාගෙන යෑම දරුණු ගැටලුවක් බව ඉන්දීය වෛද්‍ය සංගමය පවසයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලිපියක් යොමුකරමින් එම සංගමය මේ බව සඳහන් කරයි.

ඉදිරියේදී ක්‍රිකට් තරග පැවැත්වීමේදී දූෂණය ගැනද අවධානය යොමුකළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි. එසේම වායු දූෂණය හේතුවෙන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා දැක්වීමට බලපෑමක් ඇති කරන බවද ඔවුන් පෙන්වා දෙයි.

“ වර්ෂාව හා අයහපත් ආලෝකය ක්‍රීඩා කිරීමේදී අවධානයට ගන්නවා නම් අපි හිතනවා පරිසර දූෂණය වැනි තත්ත්වයන්ද සළකා බැලිය යුතු බවට

ඉහළ වායු දූෂණයක් යටතේ දිල්ලි තරගය පැවැත්වීම විශාල ගැටලුවක්. වායු දූෂණය ක්‍රීඩකයන්ගේ දක්ෂතා අවම කරනවා.

මිලිතත්ත්පර හා මිලිමීටර් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මනින සාධක. ”

යැයි ඔවුන් පෙන්වා දෙයි.  දිල්ලි වායු දූෂණය යටතේ ක්‍රීඩා කිරිම අවධානම් බව වෛද්‍ය සංගමය මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

srilanka

 

දිලිල් දූෂණය යටතේ ක්‍රීඩා කිරීම විශාල ගැටලුවක් - IMA සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017