වනජීවියේ වයඹ සහකාර අධ්‍යක්‍ෂවරයාට ස්ථාන මාරුවක්
( එච්.අයි.තුෂාර ) 2017-12-04 21:41:59
Comments - 1       Views - 919

දළ පූට්ටුවාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ වයඹ කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂවරයා අද (04දා) කොළඹ ප්‍රදේශයට මාරුකර යැවීමට විෂය භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා කටයුතු කර තිබේ.

මීට අමතරව අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව පොලිස් බුද්ධි අංශයද ස්වාධීන පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

මෙම පරීක්‍ෂණවලට අමතරව පොලීසිය හා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පත්කළ විශේෂ කමිටුවක්ද මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරමින් තිබේ. 

 

වනජීවියේ වයඹ සහකාර අධ්‍යක්‍ෂවරයාට ස්ථාන මාරුවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by කපිල on (2017-12-04 11:03:07)

වරදකට දඬුවම ස්ථාන මාරුව නොව වැඩ තහනම් කර වැරදිකරු වූ විට හිරේ ඇරීමයි. මෙහෙම ස්ථාන මාරු දෙනකන් නිලධාරීන් වැරදි නොකර ඉන්නේ නෑ.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :