X
දික්යාය විදුහලේ දරුවන්ට හෙට වෙනුවෙන් අද
( . . ) 2017-11-27 11:07:46
Comments - 0       Views - 914

'අද' පුවත්පතේ අපි පසුගිය 20දා විශේෂ කටයුත්තක් වෙනුවෙන් මහියංගණය බලා ගියෙමු. ඒ ඌව පළාතේ මහියංගණය, අරාව, දික්යාය කනිටු විදුහලෙහි ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් ඉටුකෙරුණු අධ්‍යාපනික සත්කාරයක් වෙනුවෙනි. හෙට වෙනුවෙන් 'අද' ලෙස නම් කරන මෙම වැඩසටහනේ  අරමුණ වූයේ රටේ අනාගතය බාර ගැනීමට සිටින දරු පරපුර ශක්තිමත් කිරීමයි. 

මහියංගණය - බදුල්ල පාරේ ආඳාඋල්පත පසුකර යන විට දික්යාය, අරාව ගම්මානය හමු වෙයි. කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවන බොහෝ පිරිසක් වෙසෙන මේ ගම්මානයේ දුවා දරුවන්ගේ හෙට දවසේ අධ්‍යාපන කටයුතු උදෙසා මේ සත්කාරය දියත් කෙරිණි. 

විජය පුවත්පත් සමාගමේ 'අද' පුවත්පත ආරම්භ කොට වසර 06 ක් සපිරෙන්නට ආසන්න සමයක, විජය පුවත්පත් සමාගමේ බෙදාහැරීම් අංශයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවක් අනුව ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනට,  'අද' පුවත්පතෙහි කර්තෘ මණ්ඩල සාමාජිකයන්, බෙදාහැරීම් අංශයේ සමාජිකයන් සහ රත්නපුර ප්‍රා‘දේශීය කාර්යාලයේ සාමාජිකයන් පිරිසක් සහභාගි වූහ.

විජය පුවත්පත් සමාගමේ සභාපතිතුමා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ අනුදැනුම හා මගපෙන්වීම මත දියත් කෙරුණු මේ ව්‍යාපෘතිය මගින්, දික්යාය විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන් 86 දෙනෙකු වෙනුවෙන් සියලුම පාසල් උපකරණ ලබාදීම, ඩෙස්පුටු ආදිය පිළිසකර කිරීම, පුස්තකාලය සංවර්ධනය කර පුස්තකාලයට අවශ්‍ය පොත් හා ප්‍රථමාධාර ඒකකයට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ප්‍රදානය කිරීම සිදු කෙරිණි.   

දික්යාය කනිටු විදුහලේ දරු දැරියන් විසින් මෙම වැඩසටහනට සමගාමීව සිය නිර්මාණ හැකියාව ඉදිරිපත් කිරීම සඳහා ප්‍රදර්ශනයක් හා සංස්කෘතික සන්දර්ශනයක් සංවිධානය කර තිබූ අතර, එහිදී එම දරුවන් භාෂා ත්‍රිත්වයෙන්ම නිවේදන කටයුතු සිදු කිරීමද කැපී පෙනෙන අංගයක් විය. 

එම විද්‍යාලයේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය ඇගයීමද මෙහිදී සිදු කෙරිණි. 'රටේ අනාගතය සුරක්ෂිත කිරීමේ ව්‍යාපාරය' යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අතර, ඒ යටතේ රටේ හෙට දවස භාරගැනීමට සිටින දරු පරපුර සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඉදිරියේදී ද මෙවැනි සමාජ සත්කාර රැසක් සිදු කිරීමට නියමිතය.

_KSR5798 _KSR5799 _KSR5819 _KSR5822 _KSR5840   _KSR5906 _KSR5912 _KSR5921  _KSR5987 _KSR5990 _KSR6016  _KSR6037   _KSR6063  _KSR6094   _KSR6117 _KSR6121 _KSR6128 _KSR6141 _KSR6163  _KSR6175 _KSR6179 _KSR6186 _KSR6198 _KSR6209 _KSR6235 _KSR6238 _KSR6244 _KSR6246 _KSR6253 _KSR6280  _KSR6313 _KSR6322 _KSR6339 _KSR6366 _KSR6375 _KSR6421  _KSR6471   _KSR6520 _KSR6532 _KSR6549 _KSR6554 _KSR6572 _KSR6575 _KSR6581 _KSR6589

සටහන /ඡයාරූප - ක්‍රිශන් රණසිංහ / පාලිත ආරියවංශ

දික්යාය විදුහලේ දරුවන්ට හෙට වෙනුවෙන් අද සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017