X
බිල් ඇත මුදල් නැත
( . . ) 2017-11-26 17:30:40
Comments - 0       Views - 821

මේ වසරේ අවසන් මාස 04 සංවර්ධන කටයුතු වෙනුවෙන් 2017 අයවැයෙන් වෙන්කරන ලද මුදල් නොලැබීම නිසා අමාත්‍යාංශ ගණනාවක් බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටී.

දැනට නිමකර ඇති සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙසේ ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 8800 (බිලියන 88ක්) පමණ වන බව දැනගන්නට තිබේ.

රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගණනාවක් මේ ගැන ගිය අඟහරුවාදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර ඇත.

වාර්තාවන ආකාරයට මෙසේ මුදල් ගෙවීමට ඇති ප්‍රධාන අමාත්‍යාංශ අතර සෞඛ්‍ය අමාත්‍යංශයට රුපියල් කෝටි 900ක්, අධ්‍යපන අමාත්‍යංශයට රුපියල් කෝටි 800ක්, බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට රුපියල් කෝටි 300ක් ආදී වශයෙන් වෙයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම මස රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් පසු කඩින් කඩ මෙකී හිඟ මුදල් ලබාදෙන බව අදාළ අමාත්‍යවරුන්ට දැනුම්දුන් බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග කියයි.

1366386452ru5

 

 

 

බිල් ඇත මුදල් නැත සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :