අගමැති ධුරය දමා රටින් ගිය හරීරි යළි මවු රටට
( නරේන් විශ්වජිත් ) 2017-11-23 07:30:50
Comments - 0       Views - 318

සිය ධුරයෙන් ඉවත්ව රටින් පිටවූ ලෙබනන් අගමැති සාද් හරීරී යළි දිවයිනට පැමිණ තිබේ.

එසේ ලෙබනනය වෙත පැමිණි හිටපු අගමැතිවරයා එරට පැවති නිදහස් දින උත්සවයටද සහභාගී වීම විශේෂත්වයක් වූ බව විදෙස් වාර්තා පවසයි.

ධුරයෙන් ඉවත් වෙමින් ඊජිප්තුවට පළා ගිය අගමැතිවරයා පසුව ප්‍රංශය වෙත පැමිණ යළි දිවයිනට ළඟා විය.

අගමැතිවරයාගේ මෙම හදිසි තීරණය කෙරෙහි සෞදියේ සුන්නි සහ ඉරානයේ ෂියා මුස්ලිම්වරු අතර පවතින ගැටුම් මෙන්ම, එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයද හේතුවක් වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත්, යළි දිවයිනට පැමිණි අගමැතිවරයාගේ ආධාරකරුවන් යළිත් හරීරී ඕනෑ යනුවෙන් දැන්වීම් පුවරු රැගෙන වීදි සැරූ බවද විදෙස් වාර්තා පවසයි.

1_Midest-Lebanon-Presid_Horo 2 LEBANON-POLITICS-GOVERNMENT-ENVIRONMENT-DEMO

අගමැති ධුරය දමා රටින් ගිය හරීරි යළි මවු රටට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :