දේශපාලනයේ පවුල්වාදය ගැන ෆයිසර් කියයි
( නිදර්ශනී වික්‍රමසිංහ ) 2017-11-14 17:39:37
Comments - 0       Views - 773

දේශපාලනය තුළ කාන්තාවන්ට නිසි නියෝජනයක් ලබාදීම සඳහා දේශපාලනඥයන් විසින් තම භාර්යාවන්ට හා දියණියන්ට මැතිවරණ අපේක්ෂකත්වය ලබාදීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතු බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අවධාරණය කරයි.

හෙතෙම මේ බව අවධාරණය කර සිටියේ .ඇයට බලයක් - රටට වෙනසක්, යන තේමාව යටතේපළාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා අද (14දා) කොළඹදී පැවැති පාගමනේ නිමාව සනිටුහන් කරමින් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී රැස්ව සිටි පිරිස අමතමිනි.

ප්‍රචණ්ඩත්වය, තමන්ගේ ආත්මගරුත්වයට පහරක් වදිනු ඇතැයි සිතීම, දේශපාලන පක්ෂ කාන්තාවන්ට දුන් අවස්ථාව යනාදී කරුණු මත කාන්තාවන් දේශපාලනයට එක්වීමට මැලිකමක් දක්වන බව එහිදී සඳහන් කළ අමාත්‍යවරයා, කාන්තා අපේක්ෂිකාවන්ට සිය මනාපය ලබාදෙන ලෙසට කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

ඔහු සඳහන් කර සිටියේ දේශපාලනය තුළ කාන්තාවන්ට නිසි නියෝජනයක් ලබාදීම යහපාලන රජයේ අරමුණ වී ඇති බවයි.

AID_4774 AID_4781 AID_4805 AID_4809 AID_4814 AID_4821 AID_4827 AID_4840 AID_4848 AID_4858 AID_4875 AID_4883 AID_4906 AID_4919 AID_4942 AID_4964 AID_4996

 

 

දේශපාලනයේ පවුල්වාදය ගැන ෆයිසර් කියයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :