වික්‍රමාන්විත සංචාරක සේවා සඳහා නව රෙගුලාසි
( . . ) 2017-11-14 19:49:24
Comments - 0       Views - 680

වික්‍රමාන්විත සංචාරක සේවා නගා සිටුවීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළෙහි එක් පියවරක් ලෙස වික්‍රමාන්විත සංචාරක සේවා සඳහා නව රෙගුලාසි මාලාවක් හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරයි.

මේ අනුව සියලුම වික්‍රමාන්විත සංචාරක සේවා ක්‍රියාකාරකම් සඳහා ජාත්‍යන්තර සම්මත සීමාමායිම් සහිත රෙගුලාසි පත්කිරීමට එක් එක් ක්‍ෂේත්‍ර සඳහා උපදේශක කමිටු 10ක් පසුගියදා පත් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අදාළ නිවේදනයේ දැක්වෙන පරිදි,ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ සහාය ඇතිව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මගින් මෙය ක්‍රියාත්මක කෙරේ.

මේ තුළින් ක්‍රීඩා අංග සඳහා ධාරිතා සීමා හඳුන්වා දීම, ආරක්ෂක අවශ්‍යතා හඳුන්වා දීම ආදිය සහ වික්‍රමාන්විත සංචාරක සේවා සපයන්නෙකු ලෙස ලියාපදිංචි වීමේ අවම සුදුසුකම් ආදී ක්‍ෂේත්‍ර‘යේ සංවර්ධනය සහ ප්‍රමිතිය වැඩිදියුණු වන ලෙස නව රෙගුලාසි හඳුන්වා දීමට නියමිතය.

භූමිය, ජලය සහ ගුවන ආශ්‍රිත වික්‍රමාන්විත ක්‍රීඩා ක්‍රියාකාරකම් ක්‍ෂේත්‍ර 10කට බෙදා එක් එක් ක්‍ෂේත්‍රය සඳහා ප්‍රවීණත්වය දක්වන පුද්ගලයන්ගෙන් සැදුණු උපදේශන කමිටු 10ක් මගින් මෙම රෙගුලාසි හඳුන්වාදීම සිදු කෙරෙන බවද එහි දැක්වේ.

ඒ අනුව මෙම උපදේශක කමිටුවල නිර්දේශ ඇතුළත් වික්‍රමාන්විත සංචාරක සේවා සඳහා මාර්ගෝපදේශ ලබන මාර්තු මාසයේදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

Adventure-Sports copy copy

වික්‍රමාන්විත සංචාරක සේවා සඳහා නව රෙගුලාසි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :