ශ්‍රී ලංකාව එක්ක තරගාවලියෙන් විවේක ගන්න ඉල්ලීමක් කළා-හර්දික් පාණ්ඩ්‍යා
( ඔෂිත වරකපිටිය ) 2017-11-14 16:35:32
Comments - 0       Views - 978

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියෙන් විවේක ගැනීම සඳහා තමන් ඉල්ලීමක් කළ බව  ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා පවසයි.

පසුගිය සමයේ අධික තරග සංඛ්‍යාවකට සහභාගි වීම හේතුවෙන් විවේකයක් අවශ්‍ය වීම මීට හේතුව බව ඔහු ඉන්දීය පුවත් සේවයකට පවසා ඇත.

% අවංකවම කියනවා නම් මම  ඒ වෙනුවෙන්  ඉල්ලීමක් කළා. මොකද මම බොහොම වෙහෙස වෙලා හිටියේ පහුගිය සමයේ ක්‍රිකට් තරග රාශියකට සහභාගි වෙලා. මට තරගයකට සහභාගි වෙනවනම් ඒකට සීයයට සීයක්ම දෙන්න ඕනෙ. ^ යැයි පවසා සිටියේය.

පසුගිය ශූරයින්ගේ කුසලාන තරගාවලියේ පටන් මේ දක්වා පාණ්ඩ්‍යා ඉන්දීයාව තරග කළ තරග 33 න් 30 කටම සහභාගි වී ඇත. prv_1510637711

ශ්‍රී ලංකාව එක්ක තරගාවලියෙන් විවේක ගන්න ඉල්ලීමක් කළා-හර්දික් පාණ්ඩ්‍යා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :