කෝටි 500ක් ඉල්ලා ඇවන්ට් ගාඩ් නඩු මගට
( බුද්ධිමාල් රුබේරු ) 2017-11-14 18:26:14
Comments - 0       Views - 1056

ජාත්‍යන්තර මුහුදේ ගමන්ගන්නා නැව්වලට මුහුදු ආරක්‍ෂාව ලබාදෙමින් තමන් කරගෙන ගිය ව්‍යාපාරය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් පැහැරගැනීමෙන් තමන්ට සිදු වූ පාඩුව වෙනුවෙන් නාවික හමුදාපතිවරුන්ගෙන් රුපියල් කෝටි 500ක් අයකරදෙන්නැයි ඉල්ලමින් ‘ඇවන්ට් ගාඩ් මැරිටයිම් සමාගම’ කොළඹ දිසා අධිකරණයේ අද (14දා) වන්දි නඩුවක් පැවරීය.

‘ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගම’ විසින් පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා,ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර්.සී. විජේගුණරත්න, හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ටී.එෆ්.එල්. සින්නයියා සහ නාවික හමුදාපති අද්මිරාල් එස්.එස්. රණසිංහ යන මහත්වරුන් නම් කොට ඇත.

594b8e242468b60bab02e885abfa7fb6_XL

 

 

කෝටි 500ක් ඉල්ලා ඇවන්ට් ගාඩ් නඩු මගට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :