ඔස්ට්‍රේලියා නිව්කාසල් කොළඹ වරායට
( . . ) 2017-11-14 19:05:15
Comments - 0       Views - 677

ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් 'නිව්කාසල්' නෞකාව අද (14දා) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. නිව්කාසල් නෞකාව දිගින් මීටර් 138.1කින් යුක්ත වන අතර, පළලින් මීටර් 14.3කි.

ටොන් 4200ක ධාරිතාවකින් යුත් නෞකාවේ 184 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලයක් සේවය කරයි. සිවුදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යමණ්ඩලය දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළදී විවිධ වැඩසටහන් කිහිපයක් සඳහාද සහභාගි වීමට නියමිතය. නිල සංචාරයෙන් අනතුරුව ලබන 17 වැනිදා නෞකාව ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.

1 (2) copy 2 (1) copy 3 copy

 

ඔස්ට්‍රේලියා නිව්කාසල් කොළඹ වරායට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :