පොළොන්නරුව රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අරඹයි
( පොලොන්නරුව තුෂාර තෙන්නකෝන් ) 2017-11-14 22:10:00
Comments - 0       Views - 670

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්ලාස්ටික් සැත්කම් සිදුකර ගැනීමට අපේක්‍ෂිත රෝගීන් සඳහා ලබන 17 වැනිදා සිට ප්‍රථම වරට එම සේවය ක්‍රියාත්මක බව පොළොන්නරුව මහ රෝහල පවසයි.

ඒ අනුව ප්ලාස්ටික් සැත්කම් සිදුකර ගැනීමට අපේක්ෂිත රෝගීන් ලබන 17 වැනිදා පෙරවරු 8.00ට පොළොන්නරුව මහ රෝහලට පැමිණෙන ලෙස එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නිහාල් ගුණතිලක මහතා දැනුම් දෙයි.

කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයේ විශේෂඥ වෛද්‍ය ධම්මික දිසානායක මහතා මෙම ප්ලාස්ටික් සැත්කම් සිදුකරයි.

Plastic surgery

පොළොන්නරුව රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අරඹයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :