කුවේට් ගිය 27ක් එති
( . . ) 2017-11-14 18:30:58
Comments - 0       Views - 623

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ 27 දෙනෙක් අද (14දා) දිවයිනට පැමිණියහ. විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ මැදිහත්වීම මත ඔවුන් මෙසේ දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ කියයි.

මෙසේ පැමිණි 27 දෙනාම කාන්තාවෝ වෙති. මේ වන විට කුවේට් රජය මඟින් පවත්වාගෙන යනු ලබන සුභසාධන කඳවුරෙහි ශ‍්‍රී ලාංකිකයින් කිසිවෙකු නොමැති බවද එම ආයතනය සඳහන් කරයි.

කුවේට් සුරක්ෂා නිවාසයේ කාන්තාවන් 85 ක් පමණක් ඉතිරිව සිටිති. 2016 වසරේ මෙසේ විවිධ කරදරවලට ලක්වූ 1324 දෙනෙකු ගෙන්වා ගෙන ඇති අතර, ඒ සඳහා කුවේට් ඩිනාර් 17,392 ක වියදමක් දරා ඇත.

2015 වසරේ ලාංකිකයින් 2873 දෙනෙකු දිවයිනට ගෙන්වා ගන්නා ලදී. ඒ සඳහා කුවේට් ඩිනාර් 57,285 ක වියදමක් කාර්යාංශය මඟින් දරා ඇත. 

IMG_7936 copy

කුවේට් ගිය 27ක් එති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :