බියර් අඩු කිරීමට රජය වැරදි දත්ත දෙනවා
( ඉන්දික හේවාවිතාරණ ) 2017-11-14 17:56:27
Comments - 0       Views - 671

මද්‍යසාර භාවිත කරන්නන්ගෙන් 49%ක් නීතිවිරෝධී මත්පැන් භාවිත කරන්නේ නම්, රට තුළ නීතිවිරෝධී මත්පැන් පානය කරන පුද්ගලයන් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් සිටිය යුතු බව ඇඩික් ආයතනය සඳහන් කරයි.

එහෙත් සැබෑ ලෙසම සිටිනුයේ ලක්ෂ 04කට අඩු ප්‍රමාණයක් බවත්, බියර් මිල අඩුකර ගැනීමට හා අරක්කු මිල පහත දමා ගැනීමට රජය වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් සිටින බවත් එම ආයතනයේ වැඩසටහන් නිලධාරී අසිත දර්ශන මහතා සඳහන් කළේය.

පොදුවේ කුමන හෝ මද්‍යසාරයක් භාවිත කරන ප්‍රමාණය ලක්ෂ 40කට අධික බවද හෙතෙම පවසා සිටියේය.

ලක්‍ෂ 20ක් නීතිවිරෝධී මත්පැන් භාවිත කරන්නේ නම්, නීතිවිරෝධී මත්පැන් භාවිත කළ පුද්ගලයන් සුලබව දැකිය හැකි වන බවත්, එහෙත් රට තුළ එවැනි තත්ත්වයක් නොමැති බවත් අසිත දර්ශන මහතා පැවසීය.Capture-7 copy copy

බියර් අඩු කිරීමට රජය වැරදි දත්ත දෙනවා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :