PHI සංගමය 16දා වැඩ වරයි
( ඉන්දික හේවාවිතාරණ ) 2017-11-14 16:15:20
Comments - 0       Views - 408

පුත්තලම මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දීමට එරෙහිව හා පහර දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව ලබන 16 වැනිදා වයඹ පළාත තුළ එක්දින වැඩවර්ජනයක් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

නගර සීමාවේ අනවසර කඩ ඉවත් කිරීමට කටයුතු කිරීම පිළිබඳ චෝදනා කර පසුගිය 12 වැනිදා මෙම පහර දීම සිදුකර ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කර තිබුණද මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැති බවද හෙතෙම පවසා සිටියේය.

මේ හේතුවෙන් මෙයට විරෝධය පළකර 16 වැනිදා උදෑසන 7.30ට සිට 17 වැනිදා උදෑසන 7.30 දක්වා කාලය තුළ වයඹ පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයෙන් ඉවත්ව සිටින බවත්, එයට ප්‍රතිචාර නොලැබුනහොත් රටම ආවරණය වන ආකාරයට වැඩවර්ජනයක් දියත් කරන බවද ඔහු සඳහන් කළේය.

Strike.protest-e1493948770672

PHI සංගමය 16දා වැඩ වරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :