ආවරණයෙන් අවුකන පිළිමයට ගැටලුවක් නෑ
( . . ) 2017-11-14 15:18:57
Comments - 1       Views - 1035

ඓතිහාසික අවුකන පිළිම වහන්සේට ආරක්ෂාව සලසමින් ඉදිකොට ඇති ආවරණ වහලය හේතුවෙන් පිළිම වහන්සේට අකුණු අනතුරු ඇතිවන බව විහාරාධිපති ස්වාමීන් වහන්සේ පසුගියදා සඳහන් කළහ.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ජී.බී. මණ්ඩාවල මහතා පත්කරනු ලැබීය.

එහිදී කළ විමර්ශනයේදී හෙළිව ඇත්තේ අවරණ වහලය හේතුවෙන් පිළිම වහන්සේට අකුණු අවදානමක් නොමැති බවයි.

වහලය පිළිම වහන්සේ පිහිටුවා ඇති විහාර සීමාවෙන් පිටත අඩි 10ක් පමණ ගැඹුරට කැණීම් කළ අත්තිවාරම් 4ක ගොඩනංවන ලද වැර ගැන්වූ කම්බි යෙදූ කොන්ක්‍රීට් පාදම් 4ක් මත සවිකළ යකඩ කණු 4ක ආධාරයෙන් ඉදිකල ‘Space Frame’ වර්ගයේ වහලයකි.

මෙම වහලය ඉදිකර මේ වනවිට වසර 2ක් පමණ ගතවී ඇති අතර, අකුණු සැර වැදීමේ හැකියාවක් ඇති බවට විහාරාධිපති හිමියන් විසින් ප්‍රකාශ කළද මේ දක්වා මෙම වහලයට හෝ ආශ්‍රිත ප්‍රදේශයට අකුණු සැර වැදුණු බවක් වාර්තා වී නොමැත.

මාධ්‍ය මඟින් මේ පිළිබඳ පළ වූ වාර්තා හැරුණු කොට විහාරාධිපති හිමියන් අප වෙත වාචිකව හෝ ලිඛිතව මේ පිළිබඳව දන්වා නොමැත.

කෙසේ නමුත් අදාළ ඉදිකිරීම මගින් පිළිමවහන්සේට කිසිදු අකුණු අනතුරක් සිදුනොවන බව විදුලි ඉංජිනේරුවරුන් විසින් තහවුරු කළ අතර, මෙම වහලයේ තාක්ෂණය අනුව එමගින් අකුණු භූගත කරන බවට විමර්ශනයේදී පෙන්වාදී තිබේ.

05 copy

 

ආවරණයෙන් අවුකන පිළිමයට ගැටලුවක් නෑ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by සෙනෙවි on (2017-11-15 05:19:50)

ගොඩනැගිල්ල අකුණු වලට ඔරොත්තු දෙන් පරිදි භූගත කර නැත්නම් පණ්ඩිත කතා නවත්වා අකුණු සන්නායකයක් සවි කලා නම් වැඩේ සම්පූර්ණයි

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :