මොරටුව සරසවිය ලෝකයේ තෙවැනි තැනට
( . . ) 2017-11-14 20:17:54
Comments - 3       Views - 6099

අන්තර්ජාතික විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනයේ සංවේදක කවුන්සිලය සංවිධානය කළ ‘2017 IEEE' සංවේදක සම්මේලනයේදී ගොඩනැගිලි ස්වයංක්‍රීයකරණ පද්ධතියක් ඉදිරිපත් කළ මොරටුව සරසවියේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවට තෙවැනි ස්ථානය හිමිව තිබේ.

එංගලන්තයේ ග්ලාස්ගොව්හිදී මෙම සම්මේලනය 16 වැනි වරට පැවැති අතර, ලෝකයේ දියුණු රටවල් ඇතුළු රටවල් රැසක් විවිධ තාක්‍ෂණික අංශ නියෝජනය කරමින් සංවේදක හා ඒවායේ යෙදුම් සම්බන්ධ පර්යේෂණ ව්‍යාපෘති 1000කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබිණි.

පශ්චාත් උපාධි පර්යේෂණයේ එක් අදියරක් ලෙස ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පශ්චාත් උපාධි අපේක්‍ෂක ජානක බස්නායක සහ කසුන් දේවින්ද විසින් නිර්මාණය කරන ලදී.

යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, මෙකාෙටානික් අංශයේ සම්බන්ධීකාරක ආචාර්ය  රංජිත් අමරසිංහ, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය රාහුල අතලගේ, විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ආචාර්ය බුද්ධික ජයසේකර යන මහත්වරුන්ගේ උපදේශන සහ අධීක්‍ෂණයට යටතේ මෙය නිර්මාණය කර තිබේ. එමෙන්ම මෙකාට්‍රොනික්ස් විද්‍යාගාරයේ සලිත රණසිංහ සහ චතුර ජීවන්ත යන මහත්වරුන්ගේද සහාය ලැබී ඇත.

අප කළ විමසීමකදී අදහස් දැක්වූ ආචාර්ය රංජිත් අමරසිංහ මහතා, ‘

“වර්තමාන ලෝකයේ විදුලිබල සැපයුම් අර්බුදය සහ බලශක්ති නිෂ්පාදනයේදී සිදුවන පාරිසරික බලපෑම මත විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ බලශක්ති සුරැකීමේ කාර්යක්‍ෂමතාව ඉහළ දැමීම සඳහා පර්යේෂණ සිදුවෙමින් පවතිනවා. සමස්ත බලශක්ති පරිභෝජනයෙන් සියයට 30 - 50ක් පමණ ගෘහස්ථ සහ වාණිජමය ගොඩනැගිලි මගින් සිදුවෙනවා. ගොඩනැගිලි තුළ සුවපහසුව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව මත ස්වයංක්‍රීයකරණ කිරීමට අපේ අවධානය යොමුවුණා. ක්‍ෂුද්‍ර විද්‍යුත්, විශේෂිතව නිපද වූ සංවේදක කිහිපයක් සහ ඩිජිටල් සංඥා සකසන මත මෙම පද්ධතිය ගොඩනැගී තිබෙනවා. මෙහිදී මූලික වශයෙන් සිදු කෙරෙනුයේ ගොඩනැගිල්ල තුළ ක්‍රියාකාරී උපකරණ සහ ඒවායේ විදුලි පරිභෝජන තත්ත්ව ස්වයංක්‍රීයව සංවේදනය වීමයි.

ගොඩනැගිල්ල තුළ සිටින මිනිසුන්, ඔවුන්ගේ ස්ථාන, ගොඩනැගිල්ලේ බිම් තලය මත විවිධ ස්ථාන (ක්‍රියාකාරී ස්ථාන, අක්‍රීය ස්ථාන, පදික ස්ථාන) සැකසී ඇති ආකරයත්, ගොඩනැගිල්ලේ ඇතුළත සහ පිටත පාරිසරික තත්ත්වයනුත් සංවේදනය වීම මෙම පද්ධතිය තුළින් සිදුකෙරෙනවා. මෙම පද්ධතියේ සංවේදන දත්ත පරිගණක අතුරු මුහුණතක් මතින් නිරීක්‍ෂණය කළ හැකි වෙනවා. මෙය රැහන් රහිතව ස්වයංක්‍රීය පද්ධතියක් සමග සම්බන්ධ වෙමින් ගොඩනැගිල්ල තුළ වඩා කාර්යක්‍ෂම සහ සුවපහසු පරිශ්‍රයක් පවත්වාගෙන යෑමට අවස්ථාව සලස්වනවා.

මෙම සම්මේලනයට ලෝකයේ දැවැන්ත රටවල් රැසක් සහභාගි වුණා. එහිදී හොඳම පර්යේෂණ 22 අතරට අපට එන්න හැකිවුණා. ඉන් අනතුරු එම පර්යේෂණ 22 අතරින් විශිෂ්ට පර්යේෂණ අතරින් තෙවැන් ස්ථානය දිනාගැනීමට හැකිවුණා. එහි ප්‍රථම ස්ථානය සහ දෙවැනි ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදයට හිමිවුණා.” යැයි පැවසීය.

1 copy 2 copy 2 Untitled-1 copy

ගයාන් සූරියඅාරච්චි

 

මොරටුව සරසවිය ලෝකයේ තෙවැනි තැනට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (3)
Posted by Pradeep on (2017-11-14 22:57:35)

Thanks for all.

Posted by Kariyawasam on (2017-11-15 19:39:16)

Congratulations But the heading of the news is misleading. The innovation presented at the competition by them got the third place .... and not the university ranking.

Posted by ajith on (2017-11-15 22:56:02)

මෙවැනි සාර්ථකත්වත්වයක් ඉදිරියේදිත් ලබාගතහැකි වෙිවා! මාගේ සුභපැතුමිිිි.

Posted by Pradeep on (2017-11-14 22:57:35)

Thanks for all.

Posted by Kariyawasam on (2017-11-15 19:39:16)

Congratulations But the heading of the news is misleading. The innovation presented at the competition by them got the third place .... and not the university ranking.

Posted by ajith on (2017-11-15 22:56:02)

මෙවැනි සාර්ථකත්වත්වයක් ඉදිරියේදිත් ලබාගතහැකි වෙිවා! මාගේ සුභපැතුමිිිි.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :