අයවැය ලේඛන දෙකක් හදලා-JVP
( ඉන්දික හේවාවිතාරණ ) 2017-11-14 13:54:48
Comments - 0       Views - 1130

මෙවර අයවැය ඉදිරිපත් කිරීමේදී අයවැය ලේඛන දෙකක් සකස් වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. ඉන් එක් අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් එහෙත් ක්‍රියාත්මක කරන අයවැය ලේඛනය එය නොවන බවද එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

අයවැය ලේඛනය තුළ විකුණා දැමීමට හෝ බදු ලබා දීමට අදාළ කරුණු නොමැති වුවද එහෙත් ආණ්ඩුව විසින් මේ වනවිට ආයතන ගණනාවක් විකුණා දැමීමට හෝ බදු ලබා දීමට  සැලසුම් කර තිබෙන බවද අද (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී  ඔහු සඳහන් කළේය. මේ නිසා මෙම අයවැයෙන් ජනතාවට හෝ රටට යහපතක් සිදු නොවන  නිසා එයට සම්පූර්ණයෙන්ම තමන් විරුද්ධ බවද ඔහු පවසා සිටියේය.

jvp

අයවැය ලේඛන දෙකක් හදලා-JVP සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :