රණවිරු දරුවන්ට රැකියා අවස්ථා ලබාදීම ගැන වැඩපිළිවෙළක්
( නිදර්ශනී වික්‍රමසිංහ ) 2017-11-14 13:03:08
Comments - 1       Views - 659

රණවිරු දරුවන්ට රැකියා අවස්ථා ලබාදීම සඳහා වූ  වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් තෝරාගත් අමාත්‍යාංශ සමග සාකච්ඡා කරමින් පවතින බවත්, ඒ අනුව ඉදිරියේදී එම වැඩපිළිවෙළ සාර්ථකව දියත් කෙරෙනු ඇති බවත් රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ‍ෆොන්සේකා මහත්මිය පැවසීය.

ඇය මේ බව පවසා සිටියේ, කොළඹ, කොටුව පොලිස් මධ්‍යම ශ්‍රවණාගාරයේදී අද (14දා) උදෑසන පැවැති බස්නාහිර පළාත් රණවිරු දූදරු ශිෂ්‍යත්ව ප්‍රදානයට එක්වෙමිනි.

රණවිරු දරුවන් 150 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව හා රණවිරුවන් සඳහා විරුසර කාඩ්පත් මෙහිදී බෙදාදුන් අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන් මහතා සහභාගි විය. 

ඡායාරූප ඉසුුරු පෙරේරා

AID_4683 AID_4693 AID_4711 AID_4730

රණවිරු දරුවන්ට රැකියා අවස්ථා ලබාදීම ගැන වැඩපිළිවෙළක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Namal on (2017-11-14 04:39:13)

Anoma Fondeka not deserved to this position, because her husband betrayed the Sri Lankan forces. 1. White flag 2. Army done war crime. 3. Disrespect Maha Sanga

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :