දරිද්‍රතාව පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාවේ දැක්ම පිළිබඳ ඔබේ අදහස් බෙදා ගන්න එන්න
( මාලන් විදානපතිරණ ) 2017-11-14 09:45:40
Comments - 0       Views - 217


ඔක්තෝබර් මස 17 වැනි දින - අන්ත දරිද්‍ර‍තාව අවසන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කළ ජාත්‍යන්තර දිනයෙහි 25 වැනි සංවත්සරය අදයි. ලෝකයේ බොහෝ රටවල් සමග සැසදීමේදී, ශ්‍රී ලංකාව අන්ත දරිද්‍රතාව පරාජය කොට ඇත. 2002 සිට 2012 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අන්ත දරිද්‍ර‍තාව 8.3% සිට 1.9% දක්වා පහළ බැස ඇති අතර, එම කාලය තුළ ජාතික දරිද්‍ර‍තා මට්ටම 22% සිට 6.7% දක්වා අඩු වී ඇත. (ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබාගැනීමට මෑතකාලීන දරිද්‍ර‍තා සාරාංශය (poverty brief ) සහ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව වටහාගැනීම සඳහා වන කාණ්ඩ දෙකකින් යුත් ලේඛන මාලාව ( two-part series on understanding poverty in Sri Lanka) කියවන්න.


තනි පුද්ගලයන් හා ප්‍රජාවන් වෙත සමීපව විමසන විට ශ්‍රී ලංකාවේ දරිද්‍ර‍තාව පිළිබඳ පොදු සිතුවම වෙනස් විය හැකිය. එක් එක් පුද්ගලයන්ගේ දෘෂ්ටි කෝණයන් සහ අදහස් අවබෝධ කර ගැනීම සඳහා, මේ වසරේදී දරිද්‍රතාව අවසන් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම ඔස්සේ ශ්‍රී ලාංකික ඔබගේ අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව මෙවර හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව අවසන් කිරීමට හැකි බව ඔබ විශ්වාස කරන්නේ මන්දැයි යන්න පිළිබඳව ඔබගේ කෙටි බ්ලොග් ලිපිය ඉදිරිපත් කරන්නැයි අපි ඔබට ආරාධනා කරමු. 
පහත දැක්වෙන්නේ ඔබට සිතන්නට ඉඩ විවර කරන දෙන ගැටලු මාලාවකි. මෙම සියලු කරුණු ඔබ විසින් ආමන්ත්‍ර‍ණය කළ යුතු නැත. මෙම ගැටලුවලට පිළිතුරු දීමට පමණක් සීමා නොවී, එනමුත් මෙම තේමාවන් ඔස්සේ ඔබගේ අදහස් විහිදුවනු ඇතැයි අපි සිතමු.

ඔබේ වයසේදී ඔබේ දෙමවුපියන්ට වූවාට වඩා වැඩි අවස්ථාවක් තිබෙන බව ඔබට හැඟෙනවාද? එසේ නම් ඒ ඇයි? එසේ නොමැති නම් ඒ ඇයි?
ඔබ සහ ඔබේ මිතුරන් සඳහා තවත් මාවත් විවෘත කළ හැකි වන්නේ කෙසේද?
වර්තමානයට වඩා වැඩි යමක් අනාගතය විසින් ලබාදෙනු ඇති බව ඔබ විශ්වාස කරනවාද?
ශ්‍රී ලංකාවේ පවත්නා අවස්ථාවන් අනුව ඔබ වඩාත් උද්යෝගිමත් වී සිටින්නේ හා අධෛර්යයට පත්ව සිටින්නේ කුමන තත්ත්වයන් ගැනද?
ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව අවසන් කළ හැකි යැයි ඔබ විශ්වාස කරනවාද? තනි පුද්ගලයන් වශයෙන්, මෙම ඉලක්කය යථාර්ථයක් කිරීම සඳහා අපට දායක විය හැකිද?
‘2025 දැක්මෙ‘හි ලැයිස්තුගත කර ඇති ප්‍රතිසංස්කරණ යෝජනා මගින් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව අවසන් කිරීම සඳහා දායකත්වය ලබාදිය හැකි බව ඔබ විශ්වාස කරන්නේද?
එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
සියලුම තරගකරුවන් අප වෙත මෙම දිගුවෙහි වන පෝරමය (link) පුරවා තැබීම හරහා ලියාපදිංචි විය යුතුය. එහි ඉදිරිපත් කරන උපදෙස් අනුගමනය කිරීම මැනවි.
ඔබ ගැන කෙටි විස්තරයක් සහ ඔබේ ඡායාරූපයක් සහිත පිටුවක් ඔබගේ අවකාශය බවට පත්වනු ඇති අතර, ඒ ඔස්සේ ඔබ ලියූ ලිපිය වෙත පිවිසිය හැකි වනු ඇත. ඒ ඔබ ලියා ඉදිරිපත් කළ ලිපිය සංස්කාරක මණ්ඩලය විසින් තෝරාගනු ලබන්නේ නම් පමණි.

 ලිවීම සඳහා මාර්ගෝපදේශ

බ්ලොග් ලිපියක ස්වරූපය අනුගමනය කරනු වස්, ඔබ විසින් ඔබගේ පෞද්ගලික ලේඛන ශෛලිය එයට එක් කරනු දකින්නට අපි කැමැත්තෙමු.
ඉදිරිපත් කිරීම් වචන 500ට වඩා වැඩි නොවිය යුතුය. අන් ලේඛන සොරකම් කර දැක්වීම තදින්ම තහනම් වන අතර, එවැන්නක් සිදුකිරීම නුසුදුසුකමක් වනු ඇත. ඔබ ඔබේ බ්ලොග් ලිපියෙහි අන් අයගේ ලේඛන උපුටා ඇත්නම් එය නිවැරදිව සටහන් කිරීමට වග බලාගත යුතුය.
ඔබගේ ඉදිරිපත් කිරීමට සුදුසු මාතෘකාවක් යොදා අවසන නිසි කියවීමකින් පසු ඉදිරිපත් කරන්නට අමතක නොකරන්න. ව්‍යාකරණ හෝ මුද්‍ර‍ණ දෝෂ රහිත පිරිසුදු ලිපියක් ඉදිරිපත් කිරීමට වග බලාගන්න.
සියලුම ඉදිරිපත් කිරීම් නොවැම්බර් 17 වැනි දින පස්වරු 4.00 ට පෙර උඩුගත (අප්ලෝඩ්) කළ යුතුය.

ලිපි ඉදිරිපත් කිරීම

 භාෂාත්‍රයෙන්ම ලැබෙන ලිපි (ඉංග්‍රීසි / සිංහල / දෙමළ) සඳහා තරගය විවෘතය.
ඉදිරිපත් කරන ලිපි කලින් ප්‍ර‍කාශයට පත් නොකළ, මුල්ම ලේඛන විය යුතුය (ඔබගේ පාසලේ බිත්ති පුවත්පතෙහි හෝ වෙනත් වෙබ් අඩවිවල හෝ බ්ලොග් අඩවිවල පළ වී ඇති ලිපි නොවිය යුතුය.)
'දරිද්‍ර‍තාව පිටු දැකීම : 2025 වෙත මග^ නමැති අපගේ ෆේස්බුක් පිටුවෙහි ඔබේ බ්ලොග් ලිපිය පළ කිරීමට ඔබට සිදුවනු ඇත.
අප සලකා බලන්නේ එක් රචකයෙකුගෙන් එක් ඉදිරිපත් කිරීමක් පමණි. එක් බ්ලොග් ලිපියකට වඩා ඉදිරිපත් කිරීම අවසන් වටයට එක්වීමේ අවස්ථා වැඩි නොකරනු ඇත.
ලිපි සමාලෝචන කමිටුව මගින් අවසන් ලේඛක ලැයිස්තුව තෝරාගනු ලැබේ. ඔවුන්ගේ තීරණය අවසන් තීරණයයි.

තෝරා ගැනීම සහ සම්මාන

දකුණු ආසියා කලාපය සඳහා ලෝක බැංකුවේ කාර්යමණ්ඩලය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයන්ගෙන් තෝරාගැනීමේ කමිටුව සමන්විත වේ.
 සහභාගිවන්නන්ගේ ලිපි ඒවායේ අන්තර්ගතය, ස්වරූපය, නැවුම් බව සහ තේමාව වෙත දක්වන අදාළත්වය මත පදනම්ව විනිශ්චය කරනු ලැබේ.
ප්‍රායෝගික උදාහරණ මත පදනම් වූ විසඳුම් සහිත ලිපි මගින් ලකුණු තත්ත්වය ඉහළ යනු ඇත.
සහභාගිවන්නන් අතුරින් තෝරා ගැනෙන ලේඛකයන්ගේ ලැයිස්තුවක් අපගේ ෆේස්බුක් පිටුවෙහි පළ කෙරෙනු ඇත.
අපගේ ෆේස්බුක් පිටුව හරහා සහ විද්‍යුත් තැපෑල හරහා ජයග්‍රාහකයන් නිවේදනය කරනු ලැබේ.
මුල් ජයග්‍රාහකයන් 15දෙනා වෙනුවෙන් ‘ලෝක බැංකු - දරිද්‍රතා අවසන් පරාජය කිරීම‘ පිළිබඳ 
ටී-ෂර්ට් ප්‍ර‍දානය කෙරෙනු ඇත.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ දරිද්‍රතාව පිළිබඳ බ්ලොග් අවකාශයේ හොඳම ලිපි 
3 ප්‍ර‍කාශනය කෙරෙනු ඇත.
ප්‍ර‍මුඛ ජයග්‍රාහකයන් 3දෙනාට විශේෂඥ උපදෙස් යටතේ එම අවකාශය තුළ බ්ලොග් රචනය සඳහා ආරාධනා කෙරෙනු ඇත.
සුදුසුකම :  සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්

දරිද්‍රතාව පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාවේ දැක්ම පිළිබඳ ඔබේ අදහස් බෙදා ගන්න එන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :