අග්නිදිග ආසියානු නායකයන් එක්වූ ආසියාන් සමුළුවේ වගතුග
( නරේන් විශ්වජිත් ) 2017-11-14 10:30:56
Comments - 0       Views - 256

ආසියාන් සමුළුවේ 31 වැනි සිසැවාරය ඊයේ (11දා) පිලිපීනයේ මැනිලා නුවරදී අග්නිදිග ආසියානු කලාපයේ රාජ්‍යයන් නියෝජනය කරන රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙවර සමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැමිණියේ ඔහුගේ දීර්ඝ ආසියානු සංචාරයේ අවසන් නැවතුම් පොළ ලෙස පිලිපීනය තෝරා ගනිමිනි.

ජපාන අගමැති ෂින්සෝ අබේ, රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වෙදෙව්, වියට්නාම අගමැති නගුයෙන් ෆුක්, බෘනායි සුල්තාන් හසානල් බෝල්ඛයි, කාම්බෝජ අගමැති හියුන් සෙන්, සිංගප්පූරු අගමැති හ්සෙයින් ලූන්ග්, ඉන්දුනීසියා අගමැති ජොකෝ විඩෝඩෝ, මැලේසියානු අගමැති නජීබ් රසාක්, තායිලන්ත අගමැති ප්‍රයූත් චාන් ඕ චා, මෙන්ම, රොහින්ග්‍යා අර්බුදය හේතුවෙන් චෝදනාවට ලක්ව සිටින මියන්මාර නායිකා අවුන්ග් සාන් සුඛී සහ පිලිපීන ජනපති රොද්‍රිගේ ඩුඩාර්ටේ මෙවර සමුළුවේ ආරම්භක සැසිවාරයට සහභාගී වූහ

විශේෂයෙන්ම ආසියාන් කලාපයේ ඇමෙරිකානු ආධිපත්‍යය තවදුරටත් පැවැත්වීමද ඇමෙරිකානු නායකයා මෙම සමුළුවට සහභාගී වීමේ පරමාර්ථයක් වූ බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, සමුළුවට පෙර දින රාත්‍රී පැවති භෝජන සංග්‍රහයේදී පිලිපීන නායකයා ගීතයක් ගැයීමද ඇමෙරිකානු නායකයාගේ කැමැත්තට සිදුවූවක් බව ඔහු පැවසීමෙන්ම එහි ඇමෙරිකානු බලපෑම වඩාත් ප්‍රකට කෙරුණු බව බොහෝ දෙනාගේ අදහස විය.

1_ASEAN2 3

අග්නිදිග ආසියානු නායකයන් එක්වූ ආසියාන් සමුළුවේ වගතුග සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :