ද.කොරියාවට පළා ආ භටයාට උ.කොරියාවෙන් වෙඩි
( නරේන් විශ්වජිත් ) 2017-11-14 14:30:27
Comments - 0       Views - 901

දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර දැඩි ආරක්ෂාවක් පවතින දේශසීමාවකදී උතුරු කොරියානු හමුදා සාමාජිකයෙකු දකුණු කොරියාවට පළාවිත් තිබේ.

ඔහු දැඩි ආරක්ෂිත කොරියානු දේශසීමාව උල්ලංඝනය කරමින් දකුණු කොරියාවට දෙසට පැමිණෙන විට උතුරු කොරියානු ආරක්ෂක අංශ විසින්ම තැබූ වෙඩි ප්‍රහාරයකින් මෙම සොල්දාදුවා තුවාල ලබා සිටි බවද දකුණු කොරියාව පවසයි.

පන්මුන්ජොම් ගම්මානය ආසන්න ඒකාබද්ධ ආරක්ෂාවක් පවතින දේශසීමා ප්‍රදේශයකදී මෙම සිදුවීම සිදුව තිබේ.

කෙසේ වෙතත්, මෙසේ පළා ආ සොල්දාදුවා වහාම රෝහල්ගත කිරීමට දකුණු කොරියාව කටයුතු කර ඇත.

සෑම වසරකම පුද්ගලයන් 1,000ක් පමණ උතුරු කොරියාවෙන් දකුණු කොරියාව වෙත පළා ඒම සාමාන්‍ය සිදුවීමක් වුවත්, මෙම අධිආරක්ෂිත දේශසීමා කලාපයෙන් කිසිවෙකු  පැමිණීම දුලභ කාරණයක් බව කියැවෙයි.

1_N Korea

ද.කොරියාවට පළා ආ භටයාට උ.කොරියාවෙන් වෙඩි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :