සිම්බාබ්වේ පාලන බලය හමුදාව අතට පත්වේවිද?
( නරේන් විශ්වජිත් ) 2017-11-14 08:30:06
Comments - 0       Views - 349

සිම්බාබ්වේ සානු-පී.එෆ්. පක්ෂය විරේක කිරීමට උත්සාහ කිරීමට වගකිව යුත්තන් නැවැත්වීම හෝ ඒ වෙනුවෙන් හමුදාව නැගී සිටිනු ඇති බව එරට හමුදා ප්‍රධානියා පවසයි.

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ විසින් ඔහුගේ උප ජනපති එමර්සන් මනන්ගග්වා බලයෙන් පහ කිරීමෙන් සතියක් ගතවන අවස්ථාවේදී මෙම විශේෂ ප්‍රකාශය එරට හමුදාපතිවරයා සිදුකර තිබේ.

ජෙනරාල් කොන්ස්ටන්ටීනෝ චිවෙන්ගා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම අදහස් දක්වා ඇති අතර, ඔහු සමග තවත් හමුදා ප්‍රධානීන් 90ක් පමණ එම හමුවට එක්වූ බව කියැවෙයි.

ඔහු වරෙක වත්මන් ජනපතිවරයාගෙන් පසුව එරට බලයට පත්වන නායකයා ලෙස බොහෝ දෙනෙකු කතාකර තිබුණත්, පසුව ඔහුව එම අවස්ථාවෙන් නෙරපා දමන ලදී.

කෙසේ වෙතත්, උප ජනාධිපතිවරයාගෙන් හිස්වන ධුරය සඳහා මුගාබේ විසින් ඔහුගේ බිරිඳ වන ග්‍රේස් පත්කිරීමේ ඉඩක් පවතින බව කියැවෙයි.

එහිදී, ග්‍රේස් පවසා තිබුණේ හිටපු උප ජනාධිපති මනන්ගග්වා නාගයෙකු බැවින් ඔහු කොයි මොහොතේ හෝ හිසට පහර දෙනු ඇති බවයි.

බලයෙන් පහ කෙරුණු උප ජනාධිපතිවරයා වරෙක පවසා තිබුණේ සානු-පී.එෆ් පක්ෂය කිසිවෙකුගේ පෞද්ගලික බූදලයක් නොවන බවයි. විශේෂයෙන් වත්මන් ජනපතිවරයාගේ හෝ ඔහුගේ බිරිඳ සතුටු කරන දේ කළ හැකි ස්ථානයක් නොවන බවද උප ජනාධිපතිවරයා පවසා තිබුණි.

ඔහු බලයෙන් පහ කිරීමට මේ මතභේදාත්මක තත්ත්වය හේතු වන්නට ඇති බව කියැවේ.

කෙසේ වෙතත්, මේ තත්ත්වය තුළ සිම්බාබ්වේ තුළ හමුදා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමේ වැඩි ඉඩකඩක් පවතින බවද දේශපාලන විචාරකයෝ පවසති.

1_Zimbabwe2

සිම්බාබ්වේ පාලන බලය හමුදාව අතට පත්වේවිද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :