කැටලෝනියාව එක්සේසත් කිරීමට ස්පාඤ්ඤ අගමැති එයි
( නරේන් විශ්වජිත් ) 2017-11-14 01:45:16
Comments - 0       Views - 211

ස්පාඤ්ඤයෙන් බෙදී වෙන්වන බවට ජනමත විචාරණයකින් කැමැත්ත පළකළ කැටලෝනියා ප්‍රජාව හමුවීමට ස්පාඤ්ඤ අගමැති මරියානෝ රජෝයි පසුගියදා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

ඔහු පවසා සිටියේ එලැඹෙන දෙසැම්බර් 21 වැනිදා පැවැත්වෙන මැතිවරණයෙන් අනතුරුව කැටලෝනියා අර්බුදය සම්පූර්ණයෙන් නිමාවට පත්වනු ඇති බවය.

මෙම අර්බුදයේ උග්‍ර අවස්ථාවක් ලෙස කැටලෝනියා ප්‍රාන්ත රජය පෙරළා දැමීමෙන් පසුව එම පළාතේ ප්‍රථම සංචාරයට එක්වෙමින් හෙතෙම මෙසේ අදහස් දැක්වීය.

එහිදී, අගමැතිවරයාගේ සංචාරයේ අරමුණද එලැඹෙන මැතිවරණය ඉලක්ක කරවූවක් විය. එහිදී, අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ බලාපොරොත්තුවලින් ඡන්ද පෙට්ටි පිරවීමට කටයුතු කරන ලෙසය. එය පසුගිය ජනමතවිචාරණයේදී ඡන්දය නොදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ පිරිස වෙත විශේෂයෙන් කළ ඉල්ලීමක්ද විය.

කෙසේ වෙතත්, කැටලෝනියානු ප්‍රාන්ත පාලනයේ හිටපු ජනාධිපති කාලෙස් පුයිග්මොන්ට් සහ ඔහුගේ කැබිනට් සගයන් කිහිප දෙනෙකු අසල්වැසි බෙල්ජියමට පළාගොස් එහි රැඳී සිටින අතර, ඉන් තවත් පිරිසක් ස්පාඤ්ඤ අත්අඩංගුවේ පසුවෙයි.

1_Catalan2

කැටලෝනියාව එක්සේසත් කිරීමට ස්පාඤ්ඤ අගමැති එයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :