වෙල්ගම හා පවිත්‍රා ඇතුළු පිරිසකගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසියි?
( අම්ත් මධුරංග ) 2017-11-14 06:02:02
Comments - 3       Views - 3973

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන  කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, සී.බී. රත්නායක, පවිත්‍රාවන්නිආරච්චි සහ දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය සූදානම් වන බව වාර්තා වේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර පවත්වන  මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී විනය පරීක්ෂණ පැවැත්වීමේ තීන්දුව ගත යුතුයැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සාකච්ඡා කර තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව  විනය පරීක්ෂණ පවත්වා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත්, සන්ධානයේ මහලේකම්වරයා මාර්ගයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි කිරීමටත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇතැයිද වාර්තා වේ.

මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත් පසු ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් නිතැතින්ම පක්ෂයේ තීන්දුවලට අනුකූල වන තත්ත්වයක් නිර්මාණය විය හැකි බවද මෙහිදී අවධානයට යොමුවී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත් අතරේ හවුල් ගිවිසුමක් ඇති කරගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන අතර, එවැනි හවුලකට දැඩි විරෝධය පළ කරන වෙල්ගම, ප්‍රසන්න, පවිත්‍රා, සී.බී, දිලුම් වැනි මන්ත්‍රීවරුන්  පළමු වටයේදීම ඉවත් කර දැමිය යුතුයැයි එක් ඇමැතිවරයෙකු එහිදී පවසා ඇතැයිද වාර්තා වේ.

SLFP-Logo copy

වෙල්ගම හා පවිත්‍රා ඇතුළු පිරිසකගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසියි? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (3)
Posted by Priya on (2017-11-14 10:09:51)

Owa ithin kathawata vitharai. Venawanam loku deyak samahara ayage kaanu katawal vehenna.

Posted by buva on (2017-11-14 11:05:53)

yu an piyata mukku gahanna balahathkarayen ganna hadana munta yana ena man hoya ganna venava 2020ta pera

Posted by sg on (2017-11-14 11:44:13)

It is a timely need decision... party no need to these kind of people.. give up them and strengthen the party with capable people.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :