ටෙරා බයිට් 40 දැවැන්ත මතක ධාරිතාවක් වෙනුවෙන් MAMR HARD DRIVE
( . . ) 2017-11-06 09:19:37
Comments - 0       Views - 1308

වර්තමානය වනවිට දැකගත හැකි ටෙරාබයිට් ප්‍රමාණයේ මතක ධාරිතාවන් මෙයට වසර ගණනාවකට පෙරදී සිතිය නොහැකි තරමේ සංකල්පයන් වූ අතර, අනාගතය වනවිට ටෙරාබයිට් එකක හෝ දෙකක ධාරිතාවන්ද ප්‍රමාණවත් නොවනු ඇත. වර්තමානයේදී SSD හෙවත් Solid State ධාවකයන් මතක ධාරිතාවන් ලෙසින් ජනප්‍රිය වී තිබුණත්, බොහෝ දෙනෙකු තවමත් ඩිස්ක් ධාවකයන් භාවිත කරන්නේ ඒවාට ඉහළ මතක ප්‍රමාණයන් රඳවා ගැනීමට ඇති හැකියාවට තවමත් අභියෝගයන් එල්ල වී නොමැති බැවිනි.

දෘඪ තැටි නිර්මාණයේ ප්‍රමුඛ නාමයක් වන Western Digital විසින් MAMR නමින් හඳුන්වා දී ඇති තාක්ෂණය තවමත් ප්‍රවර්ධනය වෙමින් පවතින අතර, මෑතකදී Western Digital සමාගම විසින් හෙළිදරව් කළ දැවැන්ත නිෂ්පාදනය වූයේ ටෙරාබයිට් 40 ක ප්‍රමාණයේ දෘඪ තැටියකි. මෙම MAMR යන්නෙන් කියවෙන්නේ microwave-assisted magnetic recording යන්න වන අතර, එය මෙහි දත්ත ලිවීමේ සහ කියවීමේ තාක්ෂණය සම්බන්ධයෙන් කියාපායි. 

තවමත් මෙය සොයාගැනීමක් ලෙසින් පමණක් හඳුන්වා දිය හැකි අතර, Western Digital සමාගම විසින් පවසා සිටින්නේ තව වසර කිහිපයක ඇවෑමෙන් තමන්ට පාරිභෝගික භාවිතය සඳහා විකිණිය හැකි ටෙරාබයිට් 40ක MAMR දෘඪ තැටි නිෂ්පාදනය කළ හැකි බවයි. ආරංචි මාර්ග පවසන්නේ, 40TB MAMR දෘඪ තැටි වෙළෙඳ පොළට පැමිණෙන විට 2025 පමණ වනු ඇති බවයි.

intro

 

 

 

ටෙරා බයිට් 40 දැවැන්ත මතක ධාරිතාවක් වෙනුවෙන් MAMR HARD DRIVE සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :