මධුමේහය පාලනයට දිව ඔසුවක්
( . . ) 2017-11-02 09:00:24
Comments - 0       Views - 275

 මධු මේහය නොහොත් දියවැඩියාව සම්බන්ධයෙන් පවතින ප්‍රතිකාර ක්‍රමවේදයන් අතර බටහිර ක්‍රමය ආයුර්වේද ක්‍රමය  මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රම , සාම්ප්‍රධායික කෙම් ක්‍රමද පාරම්පරික වෛද්‍ය ක්‍රම ද බොහෝමයක්ම පවතී. මේ සියල්ලම අතරින් අද වන විට විශේෂීත ආලේපන මගින් හා සරල ඖෂධ මගින් දියවැඩියාව පාලනය කරන බව දැනගන්නට ඇතත් ඒවායේ සත්‍ය අසත්‍යභාවය සම්බන්ධයෙන් සැකයක් තබාගන්නා අයද බොහෝම වෙති. නමුත් අප දන්නා ඇතැම් ඖෂධවලින් සමහරෙකුට රුධිරගත සීනි ප්‍රමාණය පාලනය පාලනය වුවත් ඇතමෙකුට එයින් ප්‍රතිඵලයක් නොලබන්නට ඉඩ ඇත.  ඉන්දියානු පාරම්පරික වෛද්‍ය ක්‍රම තුළින් දියවැඩියාව ඉතාම කෙටි කළකින් පාලනය කරගන්නට හැකියාවක් ඇතැයි යන්න ඔබට අලුත් ආරංචියක් වන්නට පුලුවන. ඒ සියල්ලන්ටම පළමු. අපට දියවැඩියාව පාලනය කරගන්නට පවතින බාධාවන් කුමක්දැයි අප අධ්‍යයනය කර සිටිය යුතුය. 


දිය වැඩියාව ඇතිවන හේතු..

හැමවිටම දියවැඩියාව යනු එකම හේතුවක් මුල් කරගන මතුවන්නක් නොවේ. දියවැඩියාව පාරම්පරික ආරය නිසා ඇතිකරගන්නන්ද වැරදි ආහාර විහරණ නිසා ඇතිකරගන්නන්ද , ඇතැම් ඖෂධවල අතුරුඵලයක් නිසා ඇතිකරගන්නන්ද, එසේත් නැති නම් ස්ථූලභාවය නිසා දියවැඩියාවට ලංවන්නන් ආදී වශයෙන්ද අප අතර සිටී. මේවා බටහිර වෛද්‍ය විද්‍යාවේදීද කාණ්ඩ කරන අතර ඒ ඒ දියවැඩියා තත්ත්වයන්ට යොදන ප්‍රතිකාර ක්‍රමවේද ඒ අනුව වෙනස් වෙයි. ඇතමුන්ට බෙහෙත් පෙති යොදන අතර තවත් සමහරෙකුට ආහාර පාලනය පමණක් යොදා ගනී. තවත් සමහරෙකුට ඉන්සියුලින් එන්නත් කිරීමෙන් දියවැඩියාව පාලනය කරයි. මේ ආකාරයට අනෙකුත් ප්‍රතිකාර ක්‍රමවේදයන් තුළද කිසියම් ආකාරයක ප්‍රභේදයන් වෙන් කර ප්‍රතිකාර ගැනීමට සැලැස්විය යුතු අවස්ථා පවතී. දියවැඩියා රෝගීන්ට කුරක්කන් ගුණදායක යැයි කියති . එසේම කොතල හිඹුටු සීනි පාලනය සඳහා සුදුසු යැයි කියති. මේ කුමන එක වුවත් දියවැඩියා රෝගියා නිසි රෝග විනිශ්චයක් ඇතිව යොදා නෙගන්නේ නම් ප්‍රතිඵල හීන විය හැකිය. ස්වභාවික ආහාර මෙන්ම ස්වභාවික ඖෂධ ද දියවැඩියා රෝගය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල මාධ්‍යන් මගින් ප්‍රචාරය කළත් ඒ හැම එකකින්ම හැමෝටම ප්‍රතිඵල උදානොවන්නට පුලුවන. දියවැඩියා රෝගියා කුමන ප්‍රතිකාර ක්‍රමවේදය යොදාගත්තත් එය නිසි වෛද්‍ය පරීක්ෂාවකින් අනතුරුව පිළිගත් වෛද්‍ය නිර්දේශය මත යොදාගැනීම තුළින් නිට්ටාවටම රුධිර සීනි ප්‍රමාණය පාලනය කරවන්නට හැකියාව උදාවේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමවේද තුළත් ඉන්දියානු පාරම්පරික ක්‍රමවේදය තුළත් සාර්ථක ප්‍රතිකාර රැසක්ම  පවතින අතර එය පොදුවේ හැම රෝගියාටම පාවිච්චි කරන්න යැයි නොපවසන්නේ එතනදී රෝගයේ තත්ත්වය කෙබඳ දැයි  පරීක්ෂාවක් නොවන නිසා වෙනත් වෙනත් තත්ත්වයන්ට ඒ ප්‍රතිකාරවල අතුරුඵලයන් බල පෑ හැකි නිසාය.

gettyimages-98550998-diabetes-ballyscanlon-opener

 මේ නිසා දියවැඩියා රෝගය සම්බන්ධයෙන් පවතින කෙම් ක්‍රම ද පාරම්පරික ක්‍රමද දියවැඩියා රෝගය පවතින්නේ කොතරම් කල් සිටද යන්න හා එයින් රෝගියා දැනට සිටින්නේ කුමන අවදියේද යන්න දැන ගැනීමට අවශ්‍ය  වෙයි. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ රුධිර වාර්ථාවක් පළමුව ලබාගැනීම අවශ්‍ය වෙන්නේ එබැවිණි. අනතුරුව පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුළින් මේ සඳහා තමන් කොතරම් කාලයක් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුද? ආහාර විහරණ කෙසේ විය යුතුද? ඇවතුම් පැවතුම් සහ සකස් කර ගන්නා ඖෂධවල ප්‍රමාණ කෙසේ විය යුතුද යන්න වෙද්‍ය නිරීක්ෂණය යටතේ තීරණය කළ යුතුය. ඉන්දියානු පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුළ මේ සඳහා යොදා ගැනෙන්නේ කිසිවිට කිසිම ආකාරයකින් අසාත්මිකතාවලට තුඩු දෙන්නට හැකියාවක් නැතැයි පරම්පරා ගණනක සිට අත්දුටු ස්වභාවික ශාඛමය ඖෂධ එකතුවකි.

kasthuri

සමහරුන් නිර්මාංශිකවීම මෙම ඖෂධවලට කිසිදු බලපෑමක් නොවන්නේ මේ ප්‍රතිකාර මුලුමණින්ම දේශීය ඖෂධ මත ගොඩ නැගෙන බැවිණි. කස්තුරි යනු එවන් මුවන්ගේ නාභියෙන් ලබාගන්නා ඖෂධ විශේෂයකි. යම් යම් ඉන්ද්‍රියන්වල  දියවැඩියා රෝගය නිසා ඇතිවෙමින් පවතින දුර්වලතා මග හැර එම අවයව ශක්තිමත් කර හානිය අවම කරන්නට ඉන්දියානු  පාරම්පරික ආරේ දියවැඩියා ප්‍රතිකාර තුළින් කටයුතු කරනු ඇත. නමුත් ඒවා මාංශමය වශයෙන් යොදා නොගන්නා නිසා නිර්මාංශිකයින්ටද මේ ප්‍රතිකාර ක්‍රමයේ සාර්ථකත්වය ඉහළින් ලද හැකිය. ආහාර සඳහා යම් සීමාවන් පැනවෙන්නේ පළමු සතිය හා දෙවැනි සතිය තුළය. එම ශාක සාර කොටස් සකස් කර භාවිතයෙන් රුධිරයේ සීනි එම කාලය තුළ හොඳින් පාලනය වෙන අතර ක්‍රමයෙන් දියවැඩියාව වැළඳීමට තුඩු දුන් හේතු පාලනය කරයි. මේ අතර පාලනය කළ යුතුවන්නේ අධික තෙල් සහ සීනි පිටි සහිත ආහාර පමණකි. නමුත් රෝගය නිට්ටාවට පාලන වූ පසු සිරුර දියවැඩියාවට තුඩු දුන් හේතූන්ගෙන් මිදෙන විට පමණ දැන එම ආහාර ලබා ගැනීමට අවසර තිබේ. ආහාර විහරණ යැයි අප විශේෂයෙන් සඳහන් කලේ දිය වැඩියා රෝගියා අනුගමනය කළ යුතු ආහාර සහ ඇවතුම් පැවතුම් පිළිබඳවයි. ඒ සඳහාද පොදුවේ උපදෙස් ලබාදීමට නොහැකිය. දිය වැඩියාව සමනය වෙතැයි කියූ පමණින් සිතුමතයේ ඖෂධ ලබාගන්නට ඔබත් හුරු පුරුදුව ඇත්නම් එයින් වහාම ඈත්වෙන්න 0777 404295  දුරකථන අංකයෙන් ඔබට මේ පිළිබඳ තවත් තොරතුරු අවශ්‍ය නම් ලබාගත හැකිය. දියවැඩියාව නිට්ටාවට පාලනය කරන්නට නම් එය නිසි ක්‍රමවේදයක් ඇතිව ප්‍රතිකාර කළ යුතු රෝගයක් ලෙස සලකන්න. එවිට හානි අවම වූ පාලනය කළ හැකි රුධිරගත සීනි මට්ටමක් ඇති මරණයට ලඟ නැති දියවැඩියා රෝගීන් වශයෙන් බොහෝ කළක් ජීවිතයට මුහුණ දීමේ හැකියාව ලද හැකිය.

මධුමේහය පාලනයට දිව ඔසුවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :