මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පුටුව හිස්
( ජලිත යහරුවන් ) 2017-10-26 12:37:23
Comments - 0       Views - 559

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් තනතුර පුරප්පාඩු වී මේ වනවිට මාසයක පමණ කාලයක්  ගත වුවද එම පුරප්පාඩුව පිරවීමට කිසිදු විධිමත් ක්‍රියාමාර්ගයෙක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‘යේ හා කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මේ පිළිබඳ අද (26දා) නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා සිටියි.

එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික් අතිරේක ලේකම් තනතුර පුරප්පාඩු වී වසරකට අධික කාලයක් ගත වී ඇති බවද එහි සඳහන් වේ.

මෙම තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් පත් කරන ලෙස දේශපාලනඥයන් හා සිවිල් සංවිධාන දිගින් දිගටම ඉල්ලීම් කර ඇතත් මෙම පුරප්පාඩු පිරවීමට විධිමත් ක්‍රියාමාර්ගයන්ගෙන් පාරිබාහිරව කටයුතු කරමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සඳහා දේශපාලනඥයන්ගෙන් ලබාගත් ලැයිස්තුවකින් පුද්ගලයන් 19 දෙනෙකු දුරකථන කැඳවීම් මගින් කොළඹට වරින් වර කැඳවා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. 

PositionVacant copy copy

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පුටුව හිස් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :