X
ළමා දින සැමරුමට කළුතර ආ ළමා නිවාස දරුවන් 2ක් අතුරුදන්
( . . ) 2017-10-22 13:56:22
Comments - 0       Views - 568

ලෝක ළමා දින සමරු උත්සවයක් සඳහා කළුතර වර්ණන්  ප්‍රනාන්දු ක්‍රීඩා සංකීර්ණයට පැමිණ සිටි මාකොළ ළමා නිවාසයේ 15 හැවිරිදි ළමුන් දෙදෙනෙකු අතුරුදන් වී ඇතැයි දකුණු කළුතර පොලීසිය කියයි.

බස්නාහිර පළාත් ළමා නිවාස දරුවන් වෙනුවෙන් ඉකුත් 20 වනදා මෙම උත්සවය පැවැත්වුණු අතර, ඊට සහභාගී වීම සඳහා තම ළමා නිවාසයෙන් ළමුන් 45 දෙනෙකු පැමිණි බවත් සවස සොයා බලන විට ළමුන් දෙදෙනෙකු නොසිටි බවත් ඔවුන් භාරව පැමිණි මාකොළ ළමා නිවාසයේ නිලධාරියෙකු වන ජී. තිලකසිරි යන අය පොලීසියට පැමිණිලි කර තිබේ.

අධිකරණ නියෝග යටතේ ළමා නිවාසයේ රඳවා සිටින එම ළමුන් දෙදෙනාගේ ලිපිනයන් හා මාපියන් පිළිබඳ තොරතුරු පසුව පොලීසියට දන්වන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

කළුතර කොට්ඨාස භාර පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Missng

කළුතර - සුනිල් එස්. තන්ත්‍රීආරච්චි

ළමා දින සැමරුමට කළුතර ආ ළමා නිවාස දරුවන් 2ක් අතුරුදන් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017