X
ණයෙන් සිරවී ඇති ග්‍රාමීය ජනතාවට අයවැයෙන් සහනයක්
( රුවන් කාශ්‍යප ) 2017-10-21 09:21:37
Comments - 0       Views - 1184

පෞද්ගලික මූල්‍ය ආයතනවලින් අවිධිමත් ලෙස ණය ලබා ගැනීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති ග‍්‍රාමීය ජනතාව ඉන් නිදහස් කර ගැනීම සඳහා වූ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතා පවසයි.

ඒ පිළිබඳ යෝජනාව 2018 අය වැය යෝජනා මගින් ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ දිළිඳුකම පිටුදැකීමේ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනගත කිරිමේ ජාතික උත්සවයට ඊයේ (20දා) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී එක්වෙමිනි.

පළමු අදියරේදී ශ‍්‍රී ලංකාව පුරා තෝරාගත් ග‍්‍රාම සේවා නිලධාරී කොට්ඨාස 5000 ක් ආවරණය කරමින් දිරිමත්ව, සවිමත්ව, විධිමත්ව සංවිධානය වී දිළිඳුකමින් මිදී දියුණුවේ මාවතට පිළිපන් ජනතා සමාගම් බිහිකර ඒවාට වෙළෙඳපොළ ජය ගැනීමේ අවස්ථාව සලසා දීම ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා සිදු කෙරේ.

වැඩි කාන්තා සහ තරුණ දායකත්වයක් ලබාගනිමින් වෙළෙඳපොළ අවස්ථා පිළිබඳව සංවේදීව ගමේ සංවර්ධන සැලැස්ම සම්පාදනය කිරීමේ ශක්තිය ලබාදෙමින් එම සැලසුම් ප‍්‍රාදේශීය සහ පළාත් සංවර්ධන සැලසුම් සමග ඒකබද්ධ කිරීම මෙහි අරමුණයි.

ශක්තිමත් ජනතා සමාගමක් ග‍්‍රාමීය මට්ටමින් බිහිවීම, සියලු ජනතාවගේ සහභාගිත්වයෙන් ගොඩනැගෙන ග‍්‍රාමීය සංවර්ධන සැලැස්මක් නිර්මාණය වීම, ඒක පුද්ගල ආයෝජනය රු 8000 ලෙස ගණනය කළ රාජ්‍ය ආයෝජනයක් ගමට ලැබීම, යැපුම් මානසිකත්වයකින් මිදී ව්‍යවසායකත්වය වෙත එළැඹීමට විශේෂ පුහුණුව සහ ග‍්‍රාමීය ප‍්‍රාග්ධනය ශක්තිමත් කෙරෙන ඉතුරුම් ක‍්‍රමයක් මෙහි ප‍්‍රමුඛ ප‍්‍රතිලාභ වේ.

ධනවතුන් තවදුරටත් ධනවතුන් කිරීමට සම්පත් ලබාදීමේ ප‍්‍රතිපත්තියෙන් බැහැරව ආර්ථික අමාරුකම් තිබෙන ජනතාව ඉන් මුදා ගනිමින් ඔවුන්ගේ ආර්ථිකය යහපත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ වරප‍්‍රසාද ලබාදීම රජයක මූලික වගකීම බව ජනපතිවරයා මෙහිදී පැවැසීය.

දේශපාලන වශයෙන් එකිනෙකාට ඇගිල්ල දිගු නොකර, දිළිඳුකම පිටුදැකීම සඳහා පසුගිය දශක කිහිපය පුරා සෑම රජයක්ම ගෙන ගිය වැඩසටහන් අත්දැකීම් කර ගනිමින් ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ශක්තිමත් කිරීමට කැපවීම සියලුදෙනාගේ වගකීම බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

01-10

ණයෙන් සිරවී ඇති ග්‍රාමීය ජනතාවට අයවැයෙන් සහනයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017