හඳුනාගත නොහැකි රෝගයකින් පෙළෙන ගලේවෙල සිවු හැවිරිදි දරුවෙක්
( එස් කරුණාරත්න ) 2017-10-17 11:55:50
Comments - 0       Views - 3584

ගලේවෙල, දඬුබැඳිරුප්ප, දේවහුව ප්‍රදේශයේ පදිංචි දිල්හාර නවෝද්‍ය තිලකරත්න සිවු හැවිරිදි දරුවෙකු වුවද, ඔහු තරමක් වැඩිහිටි පෙනුමකින් යුක්තය.
සුරංග තිලකරත්න මහතාගේ සහ රූපා වනසිංහ මහත්මියගේ දෙවැනි දරුවා ඔහු වන අතර, දඹුල්ල මූලික රෝහලේදී ඉපදී දින කිහිපයක් යද්දී ඔහු සොයාගත නොහැකි රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරුන් හඳුනාගෙන තිබිණි.

ඒ අනුව දරුවා වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව දඹුල්ල රෝහලෙන් කොළඹ ළමා  රෝහලට මාරුකර යවා තිබේ. මාස ගණනාවක් ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දිල්හාර වැඩි කාලයක් ජීවත් වූයේ අධිසත්කාර එක්කයේ බවත්, වෛද්‍යවරුන් ඔහුට ප්‍රතිකාර රැසක් සිදු කළ බවත් දරුවාගේ දෙමවුපියෝ පවසා සිටිති.
මේ වනවිට දරුවාගේ සම රැලිවැටී වැඩිහිටි පෙනුමක් තිබෙන බවත්, නිරන්තරයෙන් අසනීප වන අතර, ඔහුගේ ශරීරය වෙනත් ළමුන්ට සාපේක්‍ෂව විකෘති තත්ත්වයක් තිබෙන බවත් ඔවුහු ප්‍රකාශ කරති. මෙවැනි සිද්ධීන් ලෝකයේ ඉතා සීමිතව සිදුවන බව වෛද්‍යවරුන් පවසා තිබේ.

තම දරුවාට ප්‍රතිකාර කිරීමට තරම් වත්කමක් තමන්ට නොමැති බවත්, තම සැමියා කුලී වැඩක් කර සොයාගන්නා මුදලකින් සියලු කටයුතු සිදුකරන බවත් දරුවාගේ මව පවසා සිටියාය.

"ඥාතීන් ළඟට දරුවාව යවන්නේ කොහොමද, සමාජයට යවන්නේ කොහොමද, පෙරපාසලට, පාසලකට ඇතුළත් කරන්නේ කොහොමද කියලා අපි ගොඩක්  හිතනවා. අපි ඉන්න මානසික තත්ත්වය අපි විතරයි දන්නෙ. සමාජයේ හැමෝම නොවෙයි, ගොඩක් පිරිස් මගේ දරුවා දිහා බලන බැල්ම, සිතුවිලි අපට තේරෙනවා. දැන් පුතාටත් ඒක තේරෙනවා. ඒ දුක වාව ගන්න බැහැ. 

එයා ඉගෙන ගන්න ආසයි. ඒත් එයා තවම නොතේරෙන පුංචි දරුවෙක්. එයාට කැමැති කෑමක් අරන් දෙන්න තියා බෙහෙත් ටිකවත් ගන්න නොහැකි වීම නිසා අපි ඉන්නේ හරිම වේදනාවෙන්" යැයි ඇය පවසන්නීය.

තම දරුවා සුවපත් කරගැනීමට උපකාර කළ හැකි අයෙකු වෙතොත්  එය මහත් පුණ්‍යකර්මයක් බවත්, මේ පිළිබඳ වැඩි විස්තර 077-6947497 හෝ 077-1864431 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකි බවත් දරුවාගේ දෙමවුපියෝ පවසති.

??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????

හඳුනාගත නොහැකි රෝගයකින් පෙළෙන ගලේවෙල සිවු හැවිරිදි දරුවෙක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :