රන්ජන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිතාසි
( බුද්ධිමාල් රුබේරු ) 2017-10-12 16:19:48
Comments - 0       Views - 862

Ranjan-Ramanayakeවිනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත බව මාධ්‍ය හමුවේ පැවසීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇති බවට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. සමාජ සවිබල ගැන්වීම හා සමාජ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබන 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (12දා) සිතාසි නිකුත් කළේය.

මෙවැනි ප‍්‍රකාශයක් කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් නිදහසට කරුණු විමසීම සඳහා ඔහු අධිකරණයට කැඳවන්නැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රසික දිසානායක මහතා කළ ඉල්ලීමක් පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණයට කැඳවමින් සිතාසි නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් විසින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණයට කැඳවමින් සිතාසි නිකුත් කරන ලදී.

මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා යන මහත්වරුන් විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරු වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නම් කර තිබේ.

 

 

 
රන්ජන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිතාසි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :