උතුරු මුහුදේ පාවුණ කෝටි 2 ක කේරළ ගංජා නාවික හමුදා භාරයට
( වවුනියා මධුසංක අමරසිංහ ) 2017-10-12 15:51:06
Comments - 0       Views - 688

යාපනය වැල්වැටිතුරෙයි මුහුදු තීරයේ පාවෙමින් තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න කේරළ ගංජා කිලෝ 153 ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් ඊයේ රාත්‍රියේදී සොයාගත් බව නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක නාවික සෙබළුන් පිරිසකට අදාළ කේරළ ගංජා තොගය අඩංගු ඇසුරුම් 44 ක් මුහුදේ පාවෙමින් තිබියදී හමුවී තිබේ.

ඉන්දියාවේ සිට අදාළ කේරළ ගංජා තොගය ධීවර යාත්‍රා මගින් ගෙනවිත් මෙරට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි නාවික හමුදා නිලධාරීහු සැක පළ කරති.

නාවික හමුදාවට හමුවූ අදාළ කේරළ ගංජා තොගය අද (12දා) උදෑසන නාවික හමුදා නිලධාරීන් විසින් කනකසන්තුරෙයි පොලීසිය වෙතට භාරදීමට පියවර ගෙන ඇත.

1 (4) copy 2 (3) copy

 

 

 

 

 

 

උතුරු මුහුදේ පාවුණ කෝටි 2 ක කේරළ ගංජා නාවික හමුදා භාරයට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :