X
තංගල්ල බන්ධනාගාරයේ ඉන්න ඇමති නෑයා වැදගත් තොරතුරු හෙළි කරනවලු
( අම්ත් මධුරංග ) 2017-10-12 19:58:17
Comments - 0       Views - 2593

හම්බන්තොට පැවති උද්ඝෝෂණයෙන් පසුව ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ කිට්ටුම ඥාතිවරයෙකු තංගල්ල බන්ධනාගාරයේ රිමාන්ඩ් කර තිබෙන බවත්, ඉදිරියේදී ඔහු විසින් ඉතා වැදගත් තොරතුරු හෙළි කරනු ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක  පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (12දා) පැවසීය.

දකුණු පළාත නියෝජනය කරන  ඇමතිවරයකුගේ ඥාතියෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත්, ලබන 16 වැනිදා පැවැත්වෙන ඊළඟ නඩු වාරයේදී ඔහුගේ ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

උද්ඝෝෂණය පැවති දින රෝහලේ සිටින තමන්ගේ පුතාට ආහාර රැගෙන ගිය වසය අවුරුදු 74 ක කාන්තාවක් අසාධාරණ අයුරින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇතැයිද ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

බොරැල්ල ඇන්.ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළ විය.

Dinesh-Gunawardena_5 copy

තංගල්ල බන්ධනාගාරයේ ඉන්න ඇමති නෑයා වැදගත් තොරතුරු හෙළි කරනවලු සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :