SLFP ඇමතිවරු ආප්ප න්‍යාය භාවිත කරනවා
( අම්ත් මධුරංග ) 2017-10-12 18:35:18
Comments - 0       Views - 1283

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතුවීම සඳහා  ආප්ප න්‍යාය යොදාගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

කලින් ප්‍රකාශ නොකර ආණ්ඩුවෙන් ඉවත් වීමට එම ඇමතිවරුන් සැලසුම් කර තිබෙන බවත්, මැතිවරණයක් ආසන්න වනවිට එහි ප්‍රතිඵල දැකිය හැකි වනු ඇති බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ, බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ප්‍රධාන කාර්යාලයේදී අද (12දා)  පැවැති මාධ්‍ය හමුවකදීය.

බැසිල් රාජපක්ෂ  මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය කාලයේදී සිදුකළ සංවිධාන කටයුතුවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් 90%ක් පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව ඇති බවයි.

Basil-Rajapaksa

 

SLFP ඇමතිවරු ආප්ප න්‍යාය භාවිත කරනවා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :