ශ්‍රී ලංකාවට එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණිමට අවස්ථාවක්
( රුවන් කාශ්‍යප ) 2017-10-12 17:55:36
Comments - 0       Views - 2128

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර ඩුබායිහි හෙට ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන දක්ෂතා අනුව අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට අවස්ථාව තිබෙයි.

 මේ වනවිට එක්දින ශ්‍රේණිගත කිරිම්හි ශ්‍රී ලංකාව ලකුණු ප්‍රසාද ලකුණු 86ක් හිමිකර ගනිමින් අටවැනි ස්ථානයේත් ප්‍රසාද ලකුණු 95ක් හිමිකරගෙන ඇති පාකිස්තානය හයවැනි ස්ථානයේත් පසුවෙයි.

කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන එක්දින තරගාවලිය 5-0ක් ලෙස ජයගතහොත් පමණක් ශ්‍රී ලංකාවට ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාවනු ඇත.

එහිදී ශ්‍රී ලංකා ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 91ක් දක්වාත් ඉහළ යන අතර  පාකිස්තාන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 89 ක් දක්වා අඩුවෙනු ඇත.

මේ අතර බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව අතර ආරම්භවීමට නියමිත එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුවහොත් ඉන්දියාව දෙවැනි ස්ථානයට දමමින් ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම බවට පත්වීමට දකුණු අප්‍රිකාවට අවස්ථාව ලැබෙයි.

එක්දින ශ්‍රේණිගත කිරීම - ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය

sril copy copy

ශ්‍රී ලංකාවට එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණිමට අවස්ථාවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :