ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සැමරුම් සිනමා උලෙළ ඔක්. 20 සිට 24දා දක්වා
( චානක චන්ද්‍රසේකර ) 2017-10-12 10:37:18
Comments - 0       Views - 388

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ නව වැනි ගුණානුස්මරණය වෙනුවෙන් එතුමන් සංගීතයෙන් දායක වුණු චිත්‍රපට උලෙළක් පැවැත්වීමට කේමදාස පදනම තීරණ කර ඇත. එබැවින් ඔක්තෝබර් මස 20 සිට 24 වැනිදා දක්වා සවස 2.30 සහ 6.30ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙන මෙම උලෙළ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණ. 


DSC_6509

“ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීත‍යේ විශාල ‍පෙරළියක් සිදුකළ ම‍ගේ තාත්තා වෙනු‍වෙන් තමයි ‍මෙවැනි උ‍ලෙළක් පවත්වන්න මම අදහස් ක‍ළේ. ඒත් මම හුඟක් කනගාටු ‍වෙනවා මට ‍මීට අනුග්‍රාහකත්වය දැක්වීමට කිසිම ආයතනයක් කැමැත්තක් ‍නොදැක්වීම ගැන. ඒක මට අදටත් අදහාගන්න බැහැ.‍ මොකද මම වි‍දේශගතව සිටි අවධි‍යේ මාව ‍හොයාගෙන එන මට්ටමට අනුග්‍රාහකයන් සිටියා. ඒත් ලංකා‍වේ එවැනි මට්ටමක් ‍නොතිබීම මට හිතාගන්න බැරි අභි‍යෝගයක් වුණා. අනික ඒවයින් ඇතැම් ආයතන කිසිදු කර්තෘ භාගයක් ‍ගෙවන්නේ නැතුව, අවසරයක් නැතුව තාත්තාගේ ගීතවලින් ආර්ථික ප්‍රතිලාභ ලබනවා. ඒකයි කනගාටුව.‍ මොකද මම ඔවුන්ට නඩුවක් දැම්මොත් එයින්ම මට විශාල වන්දියක් ඔවුන්ගෙන් ලබාගන්න පුළුවන්. අනික් කනගාටුව තමයි ‍ඇතැම් චිත්‍රපට ලබා ගැනී‍මේදීත් විශාල දුෂ්කරතාවන්ට මුහුණදීමට අපට සිදුවුණා. ඇතැම් චිත්‍රපට තිරගත කිරීමට ‍නොහැකි තරම් මට්ටමක පැවැත්වුණා. ඒත් චිත්‍රපට කියන්නේ ජාතික සම්පතක්. ඒවා රැකගන්න ඕන. නැත්නම් ‍කොහොමද අනාගත පරම්පරාවට මේවා ඉතිරි වෙන්නේ. අ‍පේ තාත්තා අද හිටිය නම් ‍මේ අසාධාරණය වෙනුවෙන් මාධ්‍ය තුළින් ‍මේ ගැන කතා කරනවා'  ගයත්‍රි ‍කේමදාස ‍මෙම මාධ්‍ය සාකච්ඡා‍වේදී පැවසුවාය. 

සිනමා උලෙළට සමගාමීව එහිදී ප්‍රදර්ශනය කරන චිත්‍රපට තුළින් තෝරාගත්  චිත්‍රපට පිළිබඳ සාකච්ඡාවක්ද පැවැත්වෙන අතර, ඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින පස්වරු 5 සිට 6 දක්වා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සහ නිර්මාණ ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

DSC_6501

ඔක්තෝබර් මස 24 වැනිදා ඩිජිටල්කරණය කරන ලද %හංස විලක්^ සිනමාපටය ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වන මෙම උලෙළේදී සිනමා උලෙළේ සියලු චිත්‍රපට මිලිමීටර් 35 ප්‍රදර්ශන තත්ත්ව යටතේ තිරගත කිරීමද කැපී පෙනේ.
කිසිදු ආයතනයක් ඉදිරිපත් ‍නොවීම නිසා රජයේ අනුග්‍රාහකත්වය මත පැවැත්වෙන මෙම සිනමා උලෙළට ‍නොමි‍ලේම තරංගනී ශාලාව ලබාදීමට චිත්‍රපට සංස්ථා සභාපති සිනෙත් සේනාරත්න මහතා කටයුතු කිරීම සුවි‍ශේෂත්වයක් වන අතර, ‍මෙම සිනමා උ‍ලෙ‍ළ නොමිලේ පැවැත්වීමද කැපී පෙනේ.

‍‍මීට සිනමා අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායකයන්ද සහභාගි වූ අතර ඔහුට ‍මෙහිදී සිය %තුන්වැනි යාමය^ චිත්‍රපටය විනාශ වීම පිළිබඳ ඡායාරූප ‍පෙන්වමින් දැඩි හිත් වේදනාවකින් කතා ක‍රමින් කියා සිටියේ සිනමා උ‍ලෙ‍ළට ‍‍මෙය ප්‍රදර්ශනය කිරීමට නොහැකි බව දැනගත් විට දැඩි කලකිරීමක් ඇති වූ බවයි. ‍මෙම මාධ්‍ය සාකච්ඡා‍වේදී චිත්‍රපට සංස්ථා සභාපති සි‍නෙත් ‍සේනාරත්න, සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චි ආදීන්ද සිය අදහස් පළ කළහ. 

DSC_6513 DSC_6532

ඡායාරූප -ශමීර රාජපක්ෂ

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සැමරුම් සිනමා උලෙළ ඔක්. 20 සිට 24දා දක්වා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :