කුඩා දරුවෙකුට කතා කිරීමේදී සෑමවිටම සරල භාෂාවකින් අමතන්න. ඕනෑම දරුවෙකුට මූලිකව එක් භාෂාවන් කතා කිරීම වඩාත් උචිතය. දරුවා වයසින් වැඩෙත්ම වෙනත් භාෂාවක් ඉගැන්වීම අපහසු නොවන බව දෙමවුපියන් සිතට ගතයුතුය.
ඔබ කතා කිරීමේදී වාක්‍යයේ ප්‍රධාන වචනය තීව්ර වන අයුරින් කතා කරන්න. මිනිස් මොළය වඩාත් උත්තේජනය සඳහා හඬ පාලනය වීම අත්‍යවශ්‍ය කරුණකි.
ඔබේ දරුවා සමග කතා කිරීමේදී අදාළ අදහසට සහ හැඟීමට අනුව ඉරියව් වෙනස් කරන්න. මුහුණේ ඉරියව් සමගින් දරුවා සමග කතා කරන්න.
ඔබේ දරැවා සමග කතාබහ වන සිද්ධියට අදාළව ත්‍රිමාන පින්තූර භාවිත කරන්න
දරුවාගේ වයසට ගැළපෙන අයුරින් ගී ගයමින් රංගනයේ යෙදෙන්න.
දරුවා සෙල්ලම් බඩු සමගින් සෙල්ලම් කරන විට ඔබත් ඒ සඳහා හවුල් වන්න. මෙහොතකට ඔබත් ළදරුවෙකු වන්න.
මෙවැනි දේ තුළින් කිසිදු උත්තේජනයක් දරුවාට ලැබෙන්නේ නැත. ඔබ දරුවා සමග ක්‍රියාකාරකම්වල යෙදීමෙන් දරුවාගේ භාෂාව සහ බුද්ධි මට්ටම වර්ධනය සඳහා රුකුලක් වන්නේය.
- පියුමි කරුණාතිලක
තොරතුරු- parenting.lk