ඉන්දියාව පැරදූ ඔස්ට්‍රේලියා කණ්ඩායමට ගල් ප්‍රහාරයක්
( . . ) 2017-10-11 11:22:01
Comments - 0       Views - 2431

සංචාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර ඊයේ පැවැති විස්සයි20 තරගය ජයගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම ගමන්ගත් බස් රියට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙයින් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට අනතුරක් සිදුන නොමැත. ගුවහාති පැවැති තරගයෙන් අනතුරුව මෙම සිදුවීම සිදුවිය. ගුවහාති හි ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පවත්වා ඇත්තේ වසර 8කට පසුව වීම සුවිශේෂී වෙයි.

ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ආරොන් ෆින්ච් ගල්ප්‍රහාරය හේතුවෙන් හානි වූ බස් රියේ වීදුරුව සිය ට්විටර් ගිණුම හරහා ඡායාරූපයකින් පළ කොට තිබේ.

එම වීදුරුව ළග පැවැති අසුනේ කිසිවෙකුත් සිට නොමැත.

මීට මාසයකට පෙර ඔස්ට්‍රේලියා කණ්ඩායම බංග්ලාදේශයේ කළ තරග සංචාරයේදීත් කණ්ඩායම ගමන්ගත් බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල විය. 

DLy6yJiUMAAOXTY

ඉන්දියාව පැරදූ ඔස්ට්‍රේලියා කණ්ඩායමට ගල් ප්‍රහාරයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :