අනුරාධපුර රාජධානියේ රජ කළ වැදගත් රජවරුන් 7දෙනෙක්
( . . ) 2017-10-11 10:04:54
Comments - 0       Views - 1405

ශ්‍රී ලාංකිකයන් වන අපි විශිෂ්ට ඉතිහාසයකට උරුමකම් කියන්නෝ වෙමු. එදා මෙදාතුර ශ්‍රී ලංකාව නම් පුංචි දිවයින මුළුමහත් ලෝකයේම නම රැන්දූ මුතු ඇටයක් බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. එවන් විශිෂ්ට ඉතිහාසයකට හිමිකම් කියන අපි විශිෂ්ට රජ පෙළපතකටද උරුමකරුවන් වන්නෙමු. අනුරාධපුරය රාජධානිය කරගත් 125කට ආසන්න රජවරුන්ගෙන් රජවරු 07 දෙනෙකුගේ තොරතුරු මෙහි දැක්වේ.


අභයගිරිය

දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ 307 - ක්‍රි.පූ 267)

මුටසීව රජතුමාගෙන් පසුව එතුමාගේ පුත් තිස්ස කුමරු රජවිය. කාර්යශූර හා ගුණයහපත්භාවයෙන් හෙබි තිස්ස රජු දෙවියන්ට ප්‍රිය වූයෙන් දේවානම්පියතිස්ස නම් විය. එතුමන් ශ්‍රී ලංකාව තුළ බුදුදහම ස්ථාපිත කිරිමෙහිලා මූලික වී ඇත. ඉසුරුමුණියද දෙවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලද්දක් බව ඉතිහාසයේ සඳහන් වේ. ලංකාවේ පළමු වරට ථූපාරාමය ස්ථූපයත්, තිසා වැවත් දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලද්දකි.


එළාර රජු (ක්‍රි.පූ 205 -ක්‍රි.පූ 161) 

අසේල රජුගෙන් පසු සිහසුනට පැමිණි එළාර රජු දකුණු ඉන්දියාවේ පල්ලවාර් රාජ පරම්පරාවෙන් පැවතෙන්නෙකි. සිංහල රජවරු මෙන්ම ධාර්මිකව රට කරවූ එළාර රජතුමා භික්ෂූන් වහසේලා උදෙසා දානමාන පිරිනැමූහ. සොළී රටෙහි දෙමළ ජාතිකයෙකු වන එළාර, ධර්මිෂ්ඨ රජෙකු ලෙස සිංහලයන් අතර ප්‍රචලිතය.


දුටුගැමුණු රජතුමා (ක්‍රි.පූ 161 - ක්‍රි.පූ 137)

දුටුගැමුණු හෙවත් දුට්ඨ ගාමිණී  රජු ලාංකේය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකි. දුට්ඨගාමිණී අභය, ගාමිණී අභය යන නම්වලින්ද ඔහු හැඳින්වේ. විහාරමහාදේවියගේ හා කාවන්තිස්ස රජුගේ පුතු වන මොහු නොයෙක් විට දමිළයන්ට විරුද්ධව කැරලි ගැසුවේය. සාමකාමීව රට පාලනය කළ එතුමන් වෙහෙර විහාර පිළිසකර කළ අතර, මිරිසවැටි දාගැබ, රුවන්වැලිසෑය, ලෝවාමහාපායද එම නිර්මාණවලින් අතළොස්සකි.


වළගම්බා රජතුමා (ක්‍රි.පූ 104 දී මාස 5 සහ ක්‍රි.පූ 88 - ක්‍රි.පූ 76) 

වට්ටගාමිණී අභය නමින් ප්‍රකට වූ මොහු රජවීමෙන් පසු වළගම්බා නම් විය. එතුමාගේ මුල් කාලයේදී සිදුවූ විශේෂ සිදුවීමක් ලෙස මාතලේ අළුවිහාරයේදී සිදුකරන ලද ත්‍රිපිටක ග්‍රරන්ථාරූඪ කිරීම හැඳින්විය හැකිය. අභයගිරිය විහාරය හා ස්ථූපය සහ රංගිරි දඹුලු රාජමහා විහාරයද වළගම්බා රජු විසින් කරවන ලද්දකි.

 


බුද්ධදාස රජතුමා (ක්‍රි.ව. 341 - ක්‍රි.ව. 370)

දෙටුතිස්ස රජුගේ පුතු වූ බුද්ධදාස රජතුමා ‍ෙජ්‍යා්තිෂය ගැන මෙන්ම වෛද්‍ය විද්‍යාව ගැනද හසල දැනුමක් ඇත්තෙකි. එතුමන් විසින් පළමු ආයුර්වේද ග්‍රන්ථය ලියා ඇත. එසේම මිනිසුන්ට පමණක් නොව සතුන්ට පවා වෙදකම් කළේය. දිවයින පුරා රෝහල් ආදිය ඇති කළේය. එතුමන් විසින් දිනක් නාගරාජයෙකුට වෙදකම් කර සුවපත් කළ බවත්, නාගයා රජුට කෘතගුණ සැලකීමක් ලෙස තම නාගමාණික්‍යය ලබාදුන් බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.


ධාතුසේන රජු (ක්‍රි.ව 463 - ක්‍රි.ව 479)

ශ්‍රී ලංකාවේ මෞර්ය රාජ වංශයේ පළමු රජු ලෙස හැඳින්විය හැකිය. සාමකාමී පාලකයෙකු වූ එතුමන් අවුකන බුදුපිළිමය, කලාවැව, ථූපවට්ඨ විහාරය, දයාගම විහාරය ආදී වෙහෙර විහාර රාශියක් ඉදිකර ඇත. වැව් 18ක් කරවූ බවද ඉතිහාසයේ සඳහන් වේ. 


කාශ්‍යප රජතුමා (ක්‍රි.ව 479 - ක්‍රි.ව 497)

තම පියාණන්ට වධ දී සිරගත කර මරා දැමීමෙන් පසු සිහසුනට පත්විය. සීගිරියේ බළකොටුවක් කරගනිමින් කල්ගෙවූ ඔහු ඉසුරුමුණිය විහාරයට කෙත්වතු පූජාකර, බෝධි උපුල්වන් විහාරයක්ද තනවා පූජා කළ බව ඉතිහාසයේ සඳහන් වේ. කෙසේ වුවද අභාවයට ගිය ආලකමන්දාව කාශ්‍යප රජතුමා විසින් සීගිරිය නමින් ප්‍රතිසංස්කරණය කරනු ලබයි. 

 

- සඳලිකා සුනාලි

 

අනුරාධපුර රාජධානියේ රජ කළ වැදගත් රජවරුන් 7දෙනෙක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :