සියලු ඖෂධ මිල අඩුකරනවා - නෙවිල් රෝහල උසස් රෝහලක් කරනවා
( . . ) 2017-10-09 15:52:25
Comments - 0       Views - 976

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කළ අයුරින්ම ඉදිරියේදී සියලුම ඖෂධවල මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

එසේම සියලුම පෞද්ගලික රෝහල්වල මිලද නියාමනය කරන බවත්, තුවාලයකට බෙහෙත් දැමීමේ සිට ශල්‍යකර්මය දක්වා වූ මිල නියාමනය කරන බවත් ඔහු පැවසීය.

“සෞඛ්‍යය යනු සේවාවක්. වෙළෙඳාමක් නොවෙයි. මගේ යටතේ ඇති රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ ආයුර්වේද සංස්ථාව ලාභ ලබනවා. ආයුර්වේද ඖෂධ සංස්ථාව ස්වාභාවික ශාකසාර ආයුර්වේද නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරනවා. කෘත්‍රිම නිෂ්පාදන නොවෙයි, ස්වාභාවිකයි.

ත්‍රිපෝෂ සමාගමද අතිරික්ත නිෂ්පාදන ‘සුපෝෂ’ ලෙස වෙළෙඳ පොළට නිකුත් කරනවා. රාජ්‍ය සංස්ථා ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට නොහැකි බව මතයක් විතරයි. රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කරන්න පුළුවන්. එය මම ඔප්පු කර තිබෙනවා.

ඇතැම් සංස්ථා වැහිලා. තව සංස්ථා පණ අදිනවා. රජයේ භාණ්ඩාගාරයෙන් ලබාදෙන ඔක්සිජන්වලින් තමයි පවත්වාගෙන යන්නේ. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගැනීමත් අත්හිටුවා තිබෙනවා. නෙවිල් ප්‍රනාන්දු රෝහලද උසස් රෝහලක් බවට පත් කරනවා.”

රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ 30 30 වැනි සංවත්සරය අමතමින් ඔහු මේ බව කීය.

Rajitha

සියලු ඖෂධ මිල අඩුකරනවා - නෙවිල් රෝහල උසස් රෝහලක් කරනවා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :