X
විස්සට විරුද්ධ වූ බස්නාහිර මන්ත්‍රින්ට තනතුරු අහිමියි
( අම්ත් මධුරංග ) 2017-09-13 15:43:36
Comments - 0       Views - 1526

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත්, සභානායක සුනිල් ජයමිණි සහ ගිණුම් කාරක සභාවේ වැඩබලන සභාපති මෙරිල් පෙරේරා යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කර තිබේ.

පුරප්පාඩු වූ එම තනතුරු සඳහා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස චන්දන ජයකොඩි,සභානායක ලෙස හෙක්ටර් බෙත්මගේ සහ ගිණුම් කාරක සභාවේ වැඩබලන සභාපති ලෙස සුමිත් සොයිසා යන මහත්වරුන් පත්කර තිබේ.

මෙරිල් පෙරේරා මහතා සඳහන් කළේ විසිවැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශකිරීම හේතුවෙන් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් තනතුරුවලින් ඉවත් කර ඇති බවයි.

 විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පිරිසකට නව තනතුරු ලබාදී ඇති බවද හෙතෙම කීවේය.

 

විස්සට විරුද්ධ වූ බස්නාහිර මන්ත්‍රින්ට තනතුරු අහිමියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :