ගෑස් මිල සියයට 8කින් ඉහළට?
( . . ) 2017-09-13 15:40:03
Comments - 0       Views - 1683

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල 8%කින් වැඩි කිරිමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තාවෙයි. මේ සම්බන්ධයෙන් වෙන යෝජනාවක් ඊයේ (12දා) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත්ව තිබේ.

එහිදී අවසන් වශයෙන් තීරණය කර ඇත්තේ ගෑස් සිලින්ඩරයක මිල 8%කින් වැඩි විය යුතුය යන්නයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව අවසන් තීරණය පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැනීමට නියමිත බව රජයේ ඉහළම අමාත්‍යවරයෙක් සඳහන් කළේය.

යම් හෙයකින් ගෑස් මිල වැඩිවුවහොත් එය ලබන වසරේ සිට ක්‍රියාවට නැංවෙනු ඇති බවත් වාර්තා වෙයි.

 

ගෑස් මිල සියයට 8කින් ඉහළට? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...