අරුන්දික ජනපති සමග විවෘත කිරීමකටත් එක්වෙයි
( . . ) 2017-09-13 15:10:19
Comments - 1       Views - 2071

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) පෙරවරුවේ විවෘත කෙරුණි.

මෙම අවස්ථාවට විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි හා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු දේශපාලඥයෝ කිහිප දෙනෙක් ද එක්ව සිටියහ. ඒ අතර සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද විය.

අදාළ විවෘත කිරීමේ පටන් උත්සව සභාව තෙක් ඔහු එම ස්ථානයේ රැඳී සිටි අතර උත්සව සභාවේ ඉදිරි පෙළ අසුනක්ද ඔහුට හිමිව තිබුණි.

01 copy 08 copy 09

අරුන්දික ජනපති සමග විවෘත කිරීමකටත් එක්වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Lion on (2017-09-13 04:29:35)

Both have no shame

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...