X
ඔසු ශාක පොතු පිළිබඳ කරුණු 07ක්
( . . ) 2017-09-13 09:55:41
Comments - 0       Views - 2235

මූනමල් පොතු

දත් මුල් දියවීම, දත්වල දුබලතා, මුඛ දුර්ගන්ධයට බොහෝ සෙයින් යොදා ගන්නා අතර, මූණමල් පොතු තම්බා කට සේදීමෙන් ඉහත කී රෝගය වළක්වාගත හැකිය.

Munamal


කොකුම් පොතු

සර්ප දෂ්ට කිරීම්වලදී, ඇස් රෝග, සන්ධි ඉදිමුම් මෙන්ම චර්ම රෝගවලටද, සමේ වර්ණය වර්ධනයටද, පිවිතුරු බවටද මෙය බොහෝ සෙයින් උපකාරී වේ.

kokum


අශෝක පොතු 

මෙය මුත්‍රා දැවිල්ල, අර්ශස් රෝගවලට විශිෂ්ට ඖෂධයක් මෙන්ම ප්‍රත්‍යක්ෂ අරිෂ්ටයක්ද වේ.

ashoka


කොතල හිබුටු

 ප්‍රධාන වශයෙන්ම දියවැඩියා රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ‍ෙවනවා මෙන්ම දියවැඩියා රෝගීන්ට කොතල හිබුටු දඬු තම්බා වතුර පානය කිරීම වඩා සුදුසු වේ.

kothala hibutu


මාදං පොතු 

දියවැඩියාව රෝගයට හා තුවාල සේදීමට මාදං පොතු යොදා ගන්නා අතර, පිළිස්සුම් තුවාලවල කැළැල් මැකීමටද මේවා උපකාරී වේ.

madan1


බෝඹු පොතු

උළුක්කු, තැලීම්, මස්පිඩු ඉදීමීමට ප්‍රධාන වශයෙන්ම යෙදා ගනී.

bombu


 මගුල් කරඳ පොතු

 උළුක්කු,  තැලීම්, අස්ථි කැඩුම් බීඳීම්වලදී මෙන්ම අර්ශස් රෝගීන්ටද ඉතා සුදුසුය.

magul karada

සඳලිකා සුනාලි

ඔසු ශාක පොතු පිළිබඳ කරුණු 07ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :