X
පාසල් ක්‍රිකට් තමයි තෝතැන්න - මහේල
( රුවන් කාශ්‍යප ) 2017-09-12 21:04:36
Comments - 0       Views - 1084

‍ෙක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා හොඳම තැන පාසල් ක්‍රිකට් බවත් එම අඩිතාලම ශක්තිමත් කළ යුතු බවත් ශ්‍රී ලංකා කණඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.

පාසල් ක්‍රිකට් නැංවිම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් මහේල මේ බව අද (12දා) පැවැසීය.

මේ අවස්ථාව සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයක් එක්ව සිටියේය.

“ බලාපොරොත්තුවන්නේ හැම පාසලකටම හොඳ පහසුකම් ලබාදීලා ඒ තුළින් ජාතික මට්ටමට ක්‍රීඩකයන් බිහිකිරීම. පාසල් ක්‍රිකට් තමයි තෝතැන්න. එතන තමයි අඩි තාලම තියෙන්නේ. ඒ අඩිතාලම පුළුවන් තරම් ශක්තිමත් කරන්න තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව (අමාත්‍යාංශ්‍යය) උත්සාහ දරන්නේ. ඒක ඉතාමත් හොඳ ක්‍රියාමාර්ගයක්.”

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි - “පාසල් ක්‍රිකට් තමයි අපට වැදගත් වන්නේ. පාසල් ක්‍රිකට් තමයි අපි දියුණු කරන්න බලාපොරොත්තුවෙන්නේ. එතනින් තමයි ටෙස්ට් ක්‍රිකටර්සලා බිහිවෙන්නේ.”

 

පාසල් ක්‍රිකට් තමයි තෝතැන්න - මහේල සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :