දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායමේ නායකත්වය ඩුප්ලෙසිට
( ඔෂිත වරකපිටිය ) 2017-09-12 10:58:10
Comments - 0       Views - 588

 

දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ෆෆ් ඩු ප්ලෙසි පත් කොට ඇත. ඒ එහි නිත්‍ය නායකත්වය දැරූ ඒ.බී. ඩිවිලියර්ස් පසුගියදා සිය තනතුරින් ඉල්ලා අස්වීම හේතුවෙනි.

මේ අනුව දකුණු අප්‍රිකානු ටෙස්ට් ,එක්දින හා පන්දුවාර විස්ස අංශ තුනෙහිම නායකත්වය ඔහු වෙත පැවරී ඇත.

33 හැවිරිදි ඩු ප්ලෙසි 2012 වර්ෂයේදි පළමුවරට දකුණු අප්‍රිකානු නායකත්වයක්  දරන්නේ පන්දුවාර විස්ස අංශයෙනි.‍

2015 වර්ෂයේදී දකුණු අප්‍රිකානු පන්දුවාර විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කිරුළු පළඳින ඩුප්ලෙසිට පසුගිය (2016) වර්ෂයේදී කණ්ඩායමේ නිත්‍ය ටෙස්ට් නායකත්වයද හිමිවිය.

  

  

දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායමේ නායකත්වය ඩුප්ලෙසිට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...